උතුරු චීනයේ Shan Xi පළාතේ පුරාවිද්‍යා පර්යේෂණ ඇකඩමිය පසුගිය දා පැරණ රජ පෙළපතක් වන Yuan රජ පෙළපතේ බිතු සිතුවම් සොහොනේ තොරතුරු හෙළිදරව් කළේ ය. එම රජ පෙළපතේ අවමංගල සිරිත්-විරිත් හා සමාජ ජීවිතය ගැන අවබෝධ කර ගැනීමට මහඟු අවස්ථාවක් එමගින් ජනතාවට ලබා දී ඇත. එම බිතු සිතුවම් සොහොන Shan Xi පළාතේ Shuo Zhou නගරයේ Guan Di ගම්මානයට ආසන්න ව පිහිටා තිබේ. සොරකම් කරනු ලැබීම හේතුවෙන්, පුරාවිද්‍යා සේවකයෝ පසුගිය වසරේ සොහොනේ සංරක්ෂණයට අදාළ කැණීම් සිදු කළහ.