චීන ළමුන් තේමා කර ගත් ඉරාන චිත්‍රපටයක් අධ්‍යක්ෂ Majid Majidi වෙතින් නිර්මාණයට සූදානම්
2019-12-31 14:30:22
Share with:

චීන ළමුන් තේමා කර ගත් ඉරාන චිත්‍රපටයක් අධ්‍යක්ෂ Majid Majidi වෙතින් නිර්මාණයට සූදානම්

ඉරානයේ චිත්‍රප‍ට අධ්‍යක්ෂ Majid Majidi මහතා ලෝකයේ ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. Majid Majidi අධ්‍යක්ෂණය කළ බොහෝ චිත්‍රපට විවිධ ජාත්‍යන්තර සිනමා උළෙල වලදී සම්මාන ලබා ගෙන තිබෙනවා. ඔහුගේ නිර්මාණයක් වන Children of Heaven නම් චිත්‍රප‍ටය 1999 වසරේ 71 වන Oscar සම්මාන උළෙලේ හොඳම විදේශ භාෂා චිත්‍රපටයට හිමි සම්මානය සඳහා නිර්දේශ වුණා. මේ දිනවල ඔහු මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් පැවසුවේ මෑතකදී චීනය ලබා ගත් සංවර්ධන ප්‍රතිඵල ලෝක අවධානයට ලක් වන බවයි. ඉරානයේ හා චීනයේ සංස්කෘතිය අතින් බොහෝ සමානතා තිබෙනවා. චිත්‍රපටය වාහකය ලෙසට සැලකීමෙන් දෙරටේ වෙනස් සංස්කෘතික හුවමාරු ප්‍රවර්ධනය කරන්න පුළුවන් බව ඔහු කියා සිටියා. එමෙන්ම චිත්‍රපට ඔස්සේ සංස්කෘතික හා ආර්ථික සහයෝගතා ශක්තිමත් කරන්න පුළුවන්. චීන ළමුන් තේමා කර ගනිමින් චිත්‍රපටයක් රූගත කිරීමට Majid Majidi මහතා නුදුරේදී සූදානම් වෙනවා. එම චිත්‍රපටයේ සියළු නළු නිළියන් චීන ජාතිකයන්. ඔවුන් බෙයිජිංහි එම චිත්‍රපටය රූගත කිරීමට නියමිතයි. ලබන වසරේ අප්‍රේල් මාසය හෝ මැයි මාසයේ එහි රූගැන්වීම් ආරම්භ වෙනවා. Majid Majidi මහතා බලාපොරොත්තු පළ කළේ ඉදිරියේ එම ඉරාන චිත්‍රපටය චීන සිනමා වෙළඳපොලේ සැළකියයුතු ස්ථානයක් අත්පත් කර ගන්නා බවයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන