සියුම් සිතුවම් කලාවක ජීවගුණයෙන් යුක්තව ගොඩනැගෙන එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ
2019-12-30 10:51:44
Share with:

2019 වසර, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ඉදිරිපත් කොට ගත වූ හය වැනි වසරයි. මෙම වසරේ චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ රාජ්‍යතාන්ත්‍රික වැඩසටහන් දෙස සමාලෝචනයෙන් විමසන විට, ‘එක් තීරයක් එක් මාවතක්’ යන්න හැම විටම වැදගත් මාතෘකාවක් බව සොයා ගැනෙනවා.

ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ 2019 වසරේ ප්‍රථම විදේශ සංචාරය සිදු කෙරුණේ මාර්තු මාසයේ ඉතාලියේ රෝම් නගරයේදීයි. එක් තීරයක් එක් මාවතක් වැඩපිළවෙළ පොදුවේ සංවර්ධනය කිරීමේ අරමුණෙන් චීනය හා ඉතාලිය අවබෝධාත්මක ගිවිසුමට පැමිණියේ එම සංචාරය තුළදීයි. ඉතාලිය එබඳු ගිවිසුමකට අත්සන් තැබූ ජී. හත කණ්ඩායමේ ප්‍රථම රට බවට පත් වුණා.

සියුම් සිතුවම් කලාවක ජීවගුණයෙන් යුක්තව ගොඩනැගෙන එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ

අප්‍රේල් මාසයේ, එක් තීරයක් එක් මාවතක් පිළිබඳ දෙවැනි ජාත්‍යන්තර සහයෝගිතා සමුළුව බෙයිජිංහිදී පැවැත්වුණා. රටවල් 150ක හා ජගත් සංවිධාන 92ක නියෝජිතයින් 6000ක් ඉදිරියේ චීන ජනාධිපතිවරයා එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ ඊළඟ අදියර වෙනුවෙන් දිශාව පෙන්වා දුන්නා.

සියුම් සිතුවම් කලාවක ජීවගුණයෙන් යුක්තව ගොඩනැගෙන එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ

වසරේ අවසාන විදේශ සංචාරවලින් එකක් වශයෙන් ෂී ජින්පිං මහතා නොවැම්බර් මාසයේ, ග්‍රීසියට පැමිණ සිටියා. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ඉදිරියට මෙහෙයවීම සම්බන්ධයෙන් පොදු එකඟතාවයකට ළඟා වීමට චීනය හා ග්‍රීසිය එහිදී සමත් වුණා. චීනය සමග අදාළ සහයෝගිතා ලිපිලේඛනයට අත්සන් තැබූ ප්‍රථම යුරෝපීය සංවර්ධිත රට වශයෙන් ග්‍රීසිය යළිත් ගෝලීය අවධානයට ලක් වුණා.

සියුම් සිතුවම් කලාවක ජීවගුණයෙන් යුක්තව ගොඩනැගෙන එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පවසන අන්දමට, එක් තීරයක් එක් මාවතක් සංකල්පය වටා ගොඩනැගෙන මිත්‍රත්ව කවය පුළුල් වීමත් සමගම, එම වැඩපිළිවෙළට අදාලව පැවැත්වෙන සහයෝගිතාවල ගුණාත්මකභාවය මෙන්ම ඉදිරි දැක්ම ද අඛණ්ඩව ඉහල නැංවී තිබෙනවා.

‘එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පොදුවේ සංවර්ධනය කිරීමේ සංකල්පය ඉදිරිපත් කළේ චීනයයි. එමගින් ඇති වන සංවර්ධන අවස්ථා හා ප්‍රතිඵල සමස්ත ලෝකයටම අයිතියි. ඉහළ ගුණාත්මක සංවර්ධනයක් ළඟා කර ගනිමින් පොදුවේ සුන්දර අනාගතයක් නිර්මාණය කිරීම සඳහා, විවිධ රටවල් සමග එක්ව සියුම් සිතුවම් කලාවක ජීවගුණයෙන් යුක්තව එම වැඩපිළිවෙළ ක්‍රමයෙන් ඉදිරියට මෙයෙවීම චීනයේ අපේක්ෂාවයි.

සියුම් සිතුවම් කලාවක ජීවගුණයෙන් යුක්තව ගොඩනැගෙන එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ


ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන