චීනයට පැමිණෙන ලෙස චීන ජනපතිගෙන් ආරාධනාවක්
2019-12-27 17:09:25
Share with:

කාලය ගෙවීයත්ම බලවත් රටවල වසරක රාජ්‍යතාන්ත්‍රික සබඳතාව සමාලෝචනය කරද්දී, චීන රාජ්‍ය නායකයාගේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ඉස්මතු වෙනවා. සත්කාරක රාජ්‍යතාන්ත්‍රික උත්සව 4ක්, විදේශ සංචාර 7ක්, ද්විපාර්ශ්වික මෙන්ම බහුපාර්ශ්වික ක්‍රියාකාරකම් සියයකට වැඩි ගණනකින් 2019 වර්ෂයේ චීන රාජ්‍ය නායකයාගේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාව පිළිබිඹු කෙරෙනවා. නව යුගයට එක්ව සිටින චීනය අභියෝග අභිබවා ස්ථිර ‍ලෙස ඉදිරියට යන ස්වරූපය ද එමගින් දැක ගත හැකියි.

ගෙවී ගිය සියවසේ නොවූ විරූ මහ පරිවර්තන හමු වේ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේ එයට හුදෙකලාව මුහුණ දෙන්නට කිසිදු රටකට නොහැකි බවයි. විවෘතභාවය සහ සහයෝගීතාවය විවිධ රටවල එකම නිවැරදි ‍තේරීම බව ද හෙතෙම අවධාරණය කර තිබෙනවා.

චීනයට පැමිණෙන ලෙස චීන ජනපතිගෙන් ආරාධනාවක්

2019 වසරේ නොවැම්බර් මස 5 වැනිදා, ශංහයි හි පිහිටි යූ උද්‍යානය සුවිශේෂ අමුත්තන් කිහිප දෙනෙක් පිළි ගත්තා. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ ආර්යාව පෙන්ග් ලී යුවාන් මහත්මිය සංචාරයකට ඈතින් පැමි‍ණි ප්‍රංශ ජනාධිපතිවරයා හා ආර්යාව සමග එක්ව එම උද්‍යානය නැරඹුවා. ශංහයි හි සුවිශේෂ කලා නාට්‍ය ද රසවින්දා. එම අවස්ථාවේදී ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේ ශංහයි නගරය චීනයේ ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය මෙන්ම සංවර්ධනය හා දියුණුව පිළිබඳ පිළිබිඹුවක් බවයි. නූතන යුගයේ චීනය ලෝකය හා පැවති සබඳතාවන්හි පරිවර්තනය එහිදී ප්‍රදර්ශනය කර තිබෙනවා.

චීනයේ ශංහයි නගරය දැක තමන් පුදුම වූ බව ප්‍රංශ ජනාධිපතිවරයා පැවසුවා. ඔහු තවදුරටත් සඳහන් කළේ ශංහයි නගරයේ සිට චීනයේ විවෘතභාවය හා අනාගතය තමන්ට දක්නට ලැබුණු බවයි.

චීනයට පැමිණෙන ලෙස චීන ජනපතිගෙන් ආරාධනාවක්

2019 වසරේ නොවැම්බර මස 4 වැනිදා රෑ, ශංහයි හි මාර්ගවල වීදි ලාම්පු දල්වමින් චීන ජනාධිපතිවරයා හා ආර්යාව දෙවැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට පැමිණ සිටි විදේශ අමුත්තන් වෙනුවෙන් පිළිගැනීමේ සංග්‍රහයක් පැවැත්වූවා. එහිදී හෘදයාංගම පිළිගැනීමක් ප්‍රකාශ කරමින් චීන ජනාධිපතිවරයා චීනය ලෝකය හා අත්වැල් බැඳ ගෙන ඉදිරියට ගෙන යෑම තුළින් අවංකකම ප්‍රදර්ශනය කළා.

චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය පැවැත්වීම අධි ගුණාත්මක විවෘතභාවය අලුත් මට්ටමකට යොමු කිරීම සඳහා වූ වැදගත් පියවරක්. ෂී ජින් පිං මහතා තමා විසින් ම සැළසුම් කර තමා විසින් ම ඉදිරිපත් කර තමා විසින් ම ඉදිරියට ගෙන යන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය පිළිබඳ මහ පරිමාණ අවධානය පිළිඹිබු කෙරෙනවා. චීනයේ ‍වෙළඳ පොළ කෙතරම් විශාල ද යන්න හැමෝටම පැමිණ එය නරඹන ලෙස ආරාධනා කරන බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහි සමාරම්භක උත්සවයේදී ප්‍රකාශ කළා.

චීනයේ විවෘත දොර තවතවත් විවෘත වෙනවා. 2019 වසරේ අන්‍යෝන්‍ය යහපත් පොදු ජයග්‍රහණ මුලධර්මය අනුගමනය කළ චීනය විවෘතභාවය හා ප්‍රතිසංස්කරණය පිළිබඳ අලුත් පියවර ප්‍රකාශ කර ඇතැයි චීන විදේශ ඇමති වාං යී මහතා ප්‍රකාශ කළා. අලුත් වසරේ ජාත්‍යන්තර සහයෝගිතාව තවදුරටත් පුළුල් කරලීමට චීනය දායක වනු ඇතැයි ද හෙතෙම පැවසුවා.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන