ඉන්දියන් සාගරයේ ජාත්‍යන්තර මුහුදු ප්‍රවාහන මධ්‍යස්ථානයක් කරා...
2019-12-27 09:06:51
Share with:

පැවතුණු රජය ආරම්භ කළ රටට වාසි ව්‍යාපෘතීන් අඛණ්ඩව ක්‍රියාත්මක කළහොත්, එය ඕනෑම නව රජයක් ගන්නා බුද්ධිමත් උපායක් ලෙසයි සලකන්නේ. මේ කියන්නේ හම්බන්තොට වරායේ ව්‍යාපාරය පිළිබඳව. ශ්‍රී ලංකා රජය හම්බන්තොට වරාය සම්බන්ධයෙන් දැනට පවතින ගිවිසුම පිළිබඳව නැවත සාකච්ඡා නොකරන බවත්, අත්සන් කර ඇති වාණිජ කොන්ත්‍රාත්තුව රජයේ වෙනස්කම් හේතුවෙන් වෙනස් නොවන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රකාශ කළා. මෙය ඇත්තටම රටේ තිරසර සංවර්ධනය හා සමෘද්ධිය කල්පනාවට ගෙන ශ්‍රී ලංකාව ගත් නිවැරදි තීරණයක් ලෙසට පෙන්වා දිය හැකියි.

දිවයිනේ දකුණු කොනේ පිහිටා තිබෙන හම්බන්තොට වරාය, ජගත් නාවික මාර්ගයට මුහුදු සැතපුම් 10ක් පමණක් දුරින් පිහිටි පෙරඅපරදිග රටවල් අතර වැදගත් ගමනාගමන සංධිස්ථානයක් ලෙස විරුදාවලිය ලබා තිබෙනවා. භාණ්ඩ බෙදා හැරීමේ වරායක් වශයෙන් එහි භූගෝලීය වාසිය, විශිෂ්ටයි.

මෙම වාසිය ප්‍රයෝජනයට ගනිමින්, චීනය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගිතාව මත හම්බන්තොට වරායේ ව්‍යාපාරික කටයුතු 2017 වසරේ දෙසැම්බර් මාසයේ ආරම්භ වුණා. ඉන් පසු ගත වූ වසරක් තුළ නෞකා 300ක් එහි නැවතුණු අතර වාර්ෂික භාණ්ඩ ප්‍රවාහන ප්‍රමාණය ටොන් තුන්ලක්ෂ පනස් දහසක්. 2019 වසරේ හම්බන්තොට වරායට ළඟා වූ නෞකා ප්‍රමාණය 370ක් පමණ. එමගින් සිදු කර ඇති භාණ්ඩ ප්‍රවාහන ප්‍රමාණය ටොන් මිලියනයක් ඉක්මවා ගොස් තිබෙන බව සංඛ්‍යාලේඛනයෙන් පෙනෙනවා.

හම්බන්තොට වරායට අදාල ව ආරම්භ කළ ජාත්‍යන්තර සහයෝගිතාව ද ඉතා කැපී පෙනෙන ප්‍රතිඵලයන් දිනා ගැනීමට සමත් වුණා. ගෙවී ගිය වසර දෙකක් තුළ එම වරාය ජපානය, දකුණු කොරියාව හා නොර්වේ දේශයේ භාණ්ඩ ප්‍රවාහන සමාගම් සමග වරාය සේවා කොන්ත්‍රාත්තුවලට අත්සන් තබා තිබෙනවා.

අද හම්බන්තොට වරාය බහු කාර්ය සහිත ගැඹුරු වරායක් ලෙසට වර්ධනය කෙරෙමින් පවතිනවා. ලොව බොහෝ ව්‍යාපාර මේ තුළ සැඟවුණු සුවිශාල වර්ධන අවස්ථා හා හැකියාවන් හඳුනා ගත්තා. ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ජපානය ඇතුළු රටවල නියෝජිතයන් විශාල සංඛ්‍යාවක් මෙහි පැමිණ නිරීක්ෂණ සංචාර සිදු කර තිබෙනවා.

ජන ජීවිතයට හඳුන්වා දුන් වාසිය ද මග හැරිය නොහැකියි. කැපී පෙනෙන ම වාසිය තමයි රැකියා අවස්ථා වැඩි කිරීම. හම්බන්තොට ප්‍රදේශය ශ්‍රීලංකාවේ දිළිඳුම ප්‍රදේශවලින් එකක් ලෙස සැලකුණා. එම ප්‍රදේශය සමෘද්ධිමත් වෙමින් පවතිද්දී කළින් ගමෙන් බැහැරව නගරවල රැකියා කළ ජනතාව ආපසු පැමිණීමේ ප්‍රවණතාවක් දැනට පෙන්නුම් කර තිබෙනවා.

කෙසේ වුවද ඉන්දියන් සාගරයේ ජාත්‍යන්තර මුහුදු ප්‍රවාහන මධ්‍යස්ථානයක් සේ ගොඩනැගීම පිළිබඳ ශ්‍රී ලංකාවේ අභිලාෂය හම්බන්තොට වරාය මගින් සැබෑ වනු ඇතැයි අපි විශ්වාස කරන්න හේතු ඕන තරම් තිබෙනවා...

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන