මැකෞ විශේෂ පරිපාලන කලාපයේ ජාතිකත්වය පිළිබඳ අධ්‍යාපනය
2019-12-24 09:01:01
Share with:

මැකෞ විශේෂ පරිපාලන කලාපයේ ජාතිකත්වය පිළිබඳ අධ්‍යාපනය

හැම සඳුදා ම උදේවරුවේ මැකෞහි හඕ ජියං මධ්‍ය විද්‍යාලය ජාතික ධජය එසවීමේ උත්සවය පවත්වනවා. 1949 වසරේ ඔක්තෝබර් මස පළමුවැනිදා මැකෞ හි පළමු චීන ජාතික ‍ධජය හඕ ජියං මධ්‍ය විද්‍යාල භූමියේ ඔසවනු ලැබුවේ එවක එම විද්‍යාලයේ විදුහල්පතිනි දු ලැන් මහත්මිය විසින්. ඉන් පසු හඕ චියං මධ්‍ය විද්‍යාලයේ ජතික ධජය එසවීමේ උත්සවය අද වන තුරු පැවැත්වෙනවා.

වර්තමානයේ මැකෞ හි මධ්‍ය විද්‍යාල හා ප්‍රාථමික පාසල් රැසක් හැම සඳුදා ම ජාතික ධජය එසවීමේ උත්සව පවත්වනවා. ඒවගේම එහි සියළු විශ්ව විද්‍යාල, මධ්‍ය විද්‍යාල හා ප්‍රාථමික පාසල් වල වැදගත් උත්සව දිනවල දී චීන ජාතික ධජ ඔසවනවා. ජාතික ධජය, ජාතික ගීය සහ ජාතික ලාංඡනය සංකේත වශයෙන් නියෝජනය වන ජාතිකත්වය පිළිබඳ අධ්‍යාපනය මැකෞ හි සරසවියන්ට ඇතුලත් වී තිබෙනවා.

පාසල් සිසුන් සඳහා ජාතික ධජය, ජාතික ගීය සහ ජාතික ලාංඡන අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා මැකෞහි නීති සහ රෙගුලාසි පද්ධතිය දැනටමත් ක්‍රියාත්මක කෙරෙනවා. මැකෞ හි සියලුම සිසුන් ප්‍රාථමික පාසල් මට්ටමින් “චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික ධජය සහ ජාතික ලාංඡනය දැන ගෙන ජාතික ධජයේ හා ජාතික ලංඡනයේ අර්ථයන් තේරුම් ගත යුතු බවත්, ජාතික ගීය ගායනා කළ හැකි බවත් වර්තමාන පරිපාලන රෙගුලාසි වන “මැකෞහි විශේෂ පරිපාලන කලාපීය නිත්‍ය අධ්‍යාපන විෂයමාලා රාමුව”මගින් නියම කර තිබෙනවා.

ඒ වගේම මැකෞ හි කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ මධ්‍ය විද්‍යාල ද ඉතිහාසය ස්වාධීන විෂයයක් ලෙස සකසා ඇති අතර චීන ඉතිහාස අධ්‍යාපනය සඳහා මහජන අධ්‍යාපන ප්‍රකාශන ආයතනය විසින් සකස් කරන ලද ඉතිහාස පොත් භාවිතා කෙරෙනවා.

සරසවියන්හි චීන සාම්ප්‍රදායික සංස්කෘතිය ප්‍රචාරය කිරීම ගැන මැකෞහි අධ්‍යාපන ක්ෂේත්‍රය මුල සිට ම වැදගත් කොට සලකනවා. එමගින් මැකෞහි සිසුන් චීන ඉතිහාසය හා සංස්කෘතික සම්ප්‍රදාය ගැඹුරින් දැන ගෙන තමන්ගේ මව්රට වඩා පුළුල් ලෙස අවබෝධ කර ගන්නවා.

සරසවියන්හි ජාතිකත්වය පිළිබඳ අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමට අමතරව, මව්රටේ සැබෑ තත්වය, ඉතිහාසය හා සංස්කෘතිය ඇත්ත වශයෙන් අවබෝධ කර ගැනීම සඳහා මැකෞහි සිසුන්ට මව්රටේ මහා ගොඩබිමට යාමට විශේෂ පරිපාලන කලාපීය රජය හා සමාජ කණ්ඩායම් අනුබල දෙනවා.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන