“ ශ්‍රී ලංකාව පිරිසිදු ව හා අලංකාර ව තබා ගන්න ” මෙහෙයුම
2019-12-23 17:07:29
Share with:

“ ශ්‍රී ලංකාව පිරිසිදු ව හා අලංකාර ව තබා ගන්න ” මෙහෙයුම

මනුෂ්‍යයෙකු‍ගේ ප්‍රියමනාප පෙනුම වගේ ම රටක පවිත්‍රතාව ද ඉතා වටිනා දෙයක්. එමගින් එම මනුෂ්‍යයාට වගේ ම එම රටට නැවුම් හා යෞවන මුහුණුවරක් ලබා දිය හැකි බව අමුතුවෙන් කිව යුතු නැහැ.

පනාධිපති ධූරයට පත් වීමෙන් පසු, ගෝඨාභය රාජපක්ෂ මහතා නව වැඩපිළිවෙළ රැසක් ප්‍රකාශයට පත් කළා. ඒ අතරින් රටේ පවිත්‍ර පරිසරය පිළිබඳ මහජනතාවගේ අතෘප්තියට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් “ ශ්‍රී ලංකාව පිරිසිදු ව හා අලංකාර ව තබා ගන්න ” යනුවෙන් තේමාගත මෙහෙයුම දිවයින පුරා ක්‍රියාත්මක කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ කොළඹ සහ අනෙකුත් නගර පිරිසිදු ව හා අලංකාරවත් ලෙස තබා ගැනීමේ එම මෙහෙයුම පසුගිය නොවැම්බර් මස අවසානයේ පොලිස් පරිසර ඒකකය විසින් දියත් කරනු ලැබුවා.

ඒ අනුව මේ මාසය මුලදී කොළඹ ගාලු මුවදොර ප්‍රදේශය දින 3 ක් ඇතුළත අලංකාර කරන්නැයි වරාය අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියට නියෝග කළා . ශ්‍රී ලංකා සමාජයේ සියලු බලවේග බලමුලු ගැන්වීමට ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් උපදෙස් ලැබූ “ ශ්‍රී ලංකාව පිරිසිදු ව හා අලංකාර ව තබා ගන්න ” මෙහෙයුම යටතේ මහනුවර , ගාල්ල සහ කළුතර යනාදී නගරවල සියලුම ජාතීන්ට අයත් විවිධ තරාතිරම්වල පුද්ගලයින් විශේෂයෙන් තරුණ තරුණියන් ස්වේච්ඡාවෙන් සංවිධානය වී නගර පිරිසිදු කරමින් තමන්ගේ නිවාස අලංකාර කිරීමෙහි නිතර වී සිටිනවා.

පරිසර සංරක්ෂණයට සැලකිය යුතු අවධානය ‍යොමු කිරීම, “ ශ්‍රී ලංකාව පිරිසිදු ව හා අලංකාර ව තබා ගන්න ” මෙහෙයුමේ ප්‍රධාන අරමුණක් වී තිබෙනවා. භාවිත කිරීමට ‍හෝ වීසි කිරීමට විනාඩි කිහිපයක් ගත වන දේ දිරාපත් වීමට දශක ගණනාවක් ගත වන බැවින් කසළ බැහැර කිරීම ඕනෑ ම රටකට විශාල අභියෝගයක්. එම අභි‍යෝගය හමුවේ අත්‍යවශ්‍ය වන්නේ රාජකාරි මට්ටමින් ‍ පරිසර හිතකාමී ‍නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීම පමණක් නොව, පරිසර සංරක්ෂණය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමයි. පරිසර හිතකාමී ලෙස ජීවත් වෙමින් තමන්ගේ ජීවන පරිසරය පවිත්‍ර ව තබා ගැනීම සෑම පුරවැසියෙකුගේ යුතුකම යැයි “ ශ්‍රී ලංකාව පිරිසිදු ව හා අලංකාර ව තබා ගන්න ” මෙහෙයුම මගින් ශ්‍රී ලංකා රජය අවධාරණය කර තිබෙනවා.

රට පිරිසිදු කර අලංකාරවත් ලෙස තබා ගැනීමේ වැඩපිළිවෙළ මගින් ශ්‍රී ලංකා සමාජයට විශාල වෙනසක් කළ හැකි වනු ඇතැයි විශ්වාස කෙරෙනවා. එවිට ලාංකීය ජනතාවට මෙන් ම දිවයිනට පැමිණ සිටින විදේශිකයන්ට ද වඩාත් සුන්දර හා සෞඛ්‍ය සම්පන්න ශ්‍රී ලංකාවක් දැක ගන්නට ලැබේවි..

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන