මැකෞ චීනය හා යළි එකතු වීමේ 20වැනි සංවත්සරය නිමිත්තෙන් තේමා ගීතයක් නිර්මාණය කෙරේ
2019-12-20 08:36:52
Share with:

මැකෞ චීනය හා යළි එකතු වීමේ 20වැනි සංවත්සරය නිමිත්තෙන් තේමා ගීතයක් නිර්මාණය කෙරේ

මැකෞ චීනය හා යළි එකතු වීමේ 20වැනි සංවත්සරය නිමිත්තෙන් තේමා ගීතයක් නිර්මාණය කෙරේ

දකුණු චීනයේ පිහිටි මැකෞ විශේෂ පරිපාලන කලාපය 1887 වසරේ දෙසැම්බර් මාසයේදී පෘතුගාලයට යටත් වුණා. වසර 100කට වැඩි කාලයකට පසු 1999 වසරේ දෙසැම්බර් මාසයේ 20වැනි දින මැකෞ චීනය සමග යළි එක් වුණා.

මෙම වසර මැකෞ චීනයට ආපසු පැමිණි‍මේ 20වැනි සංවත්සර වසරයි. මැකෞ හී තරුණ සංගීත ශිල්පියෙක් වන Su Yaoguang , ‘ Lian Cheng Yi Jia ’, එනම් නෙළුමෙන් එක් කළ පවුලක් යන තේමාව යටතේ මේ වෙනුවෙන් ගීතයක් නිර්මාණය කරනු ලැබුවා. ‍මැකෞ හී තරුණ පරපුරේ ඇසින් දුටු මැකෞ හී අභිවෘද්ධිය, සාමූහිකත්වය මෙන්ම මැකෞ හා චීන මහ ගොඩබිම අතර ගැඹුරු බැඳීම යන අර්ථයන් එම ගීතය මගින් අපට විදහා දැක්වෙනවා.

මෙම ගීතය වඩාත් ජනප්‍රිය කරවීම සඳහා එහි නිර්මාණකරුවා ගීතය නිර්මාණය කිරීමේදී ඉහළ අවධානයක් යොමු කළා. ඔහු පවසන්නේ මෙම ගීතය මැකෞ තුල ප්‍රචලිත කිරීම පමණක් නොව, චීන මහ ගොඩබිම පුරා ද ඉහළ ජනප්‍රියත්වයකට හිමිකම් කිව හැකි යැයි තමා අපේක්ෂා කරන බවයි.

මේ අතර, මෙම ගීතය සඳහා වන සංගීත වීඩියෝව රූපගත කිරීම සඳහා මැකෞ ගායක ගායිකාවන් පමණක් නොව, වෙනත් ක්ෂේත්‍ර 25ක නියෝජිතයින් 500ක පමණ පිරිසකට ආරාධනා කෙ‍රුණා. මැකෞ චීනය හා ආපසු එක් වීමට සම්බන්ධ වැදගත් අවස්ථා, ලෝක උරුමයට එක් වන මැකෞ සංචාරක ස්ථාන සහ අලුත් ජනප්‍රිය සංචාරක ස්ථාන ඇතුළු දර්ශන එම වීඩියෝව මගින් අපට දැක ගත හැකියි. මේ සමග ම මැකෞ චීනය හා නැවත එකතු වීමෙන් පසු මේ දක්වා ලබා ගත් ජයග්‍රහණ දැකීම තුලින් මැකෞ හී තරුණ පරපුරේ දේශප්‍රේමී හැඟීම් ඉස්මතු වන බව විශ්වාස කෙරෙනවා.


ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන