දකුණෙන් උතුරට ජල හැරවීමෙන් ජන ජීවිතය ඉහළ නංවීමක්
2019-12-17 09:43:36
Share with:

දකුණු චීනයෙන් උතුරු චීනයට ජලය හැරවීම, දකුණෙන් උතුරට ජල හැරවුම් ව්‍යාපෘතිය ලෙසට හැඳින්වෙනවා. එම ව්‍යාපෘතිය හරහා ජලය ප්‍රවාහනය ආරම්භ කිරීමේ 05 වැනි සංවත්සරය යෙදී තිබෙනවා. ගෙවී ගිය වසර 5 තුළ, චීනයේ ජල සම්පත් ව්‍යාප්ත පද්ධතිය මූලික වශයෙන් වෙනස් කර ඇතැයි චීන ජල සංරක්ෂණ නියෝජ්‍ය ඇමතිවරයා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. ඝන මීටර් බිලියන 30කට ළඟා වී ඇති දකුණෙන් පැමිණෙන ජල ධාරිතාව බෙයිජිං, ටියැන්ජින් සහ හ බේ ඇතුළු ප්‍රදේශ වල 40කට වැඩි නගර වල ප්‍රධාන ජල සම්පතක් බවට පත් වී තිබෙනවා. දස කෝටි 12කට වැඩි ජනහගණයක් එමගින් සෘජුවම වාසි ලබනවා.

ගෙවී ගිය වසර පහ තුළ, එම ව්‍යාපෘතිය හරහා අදාළ වැසියන්ගේ දෛනික ජල සැපයුම ආරක්ෂා කිරීම, භූගත ජල අධික භාවිතය පාලනය කිරීම, ජෛව පරිසරය යහපත් කරලීම ඇතුළු ක්ෂේත්‍ර වල වැදගත් කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. එමගින් ජලය ලැබූ කලාපයේ ආර්ථික හා සමාජ සංවර්ධනය ශක්තිමත් කර ජනතා සුබසෙත ඉහළ නංවාලීමට ද හැකි වුණා. එ පමණක් නොව, නාගරික නිෂ්පාදන හා දෛනික ජල භාවිතය හේතුවෙන් කෘෂිකාර්මික ජලයට බලපා ඇති තත්ත්වය සහ භූගත ජල අධික භාවිත පීඩනය මහ පරිමාණයෙන් ලිහිල් කර තිබෙනවා.

එම ව්‍යාපෘතිය සඳහා සංක්‍රමණිකයන් නැවත ස්ථානගත කිරීමක් සිදු වුණා. ඊට සම්බන්ධ ජනගහණය ලක්ෂ 4.3කට වඩා වැඩියි. යළි පදිංචි කිරීම් වෙනුවෙන් චීන යුවාන් බිලියන 100ක් වෙන් කර තිබෙනවා. ඉදිරියේදී, එහි සංක්‍රමණිකයන් වෙනුවෙන් පශ්චාත් සහන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් නිෂ්පාදන නිපුණතා පුහුණු කිරීම මෙන්ම ශ්‍රමි ශක්තිය වෙනත් ප්‍රදේශවලට යැවීමේ පියවර ද චීන රජය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන