චීනයේ යුන්නන් පළාතේ වන අලි ඇතුන් සංඛ්‍යාව වර්ධනය වේ
2019-12-13 17:11:09
Share with:

ඇතා මානවයන්ගේ මිත්‍රයෙක්. ශ්‍රීලාංකික ජනතාවට නම් අලි ඇතුන්ගේ වැදගත්කම, ඒ මත රැඳී තිබෙන සංස්කෘතික වටිනාකම අමුතුවෙන් නොකිව යුතු කරුණක්. මේ ලෝකයේ දැනට ප්‍රධාන වශයෙන් අලි ඇතුන් වර්ග දෙකක් සිටිනවා. එක කොටසක් ආසියානු අලි ඇතුන්. අනෙක් කොටස හඳුන්වන්නේ අප්‍රිකානු අලි ඇතුන් ලෙසයි.

ශ්‍රී ලංකාවේ වගේම, ඉන්දියාව, ලාඕසය, තායිලන්තය, චීනය ඇතුළු රටවලත් ආසියානු අලි ඇතුන් සිටිනවා. චීනයේ නම් විශාලතම වන අලි ඇතුන් රංචුව සිටින්නේ නිරිතදිග ප්‍රදේශයේ යුන් නන් පළාතේ. වන අලි ඇතුන් සංඛ්‍යාව අවම නිසා අලි ඇතුන් චීනයේ ජාතික මට්ටමේ පළමු පෙළේ ආරක්ෂක සතුන්ගේ නාමාවලියට ඇතුළත් කර තිබෙනවා.

යුන් නන් පළාතේ වන අලි ඇතුන් ආරක්ෂක මෙහෙයුම ආරම්භ වී වසර 30කට වැඩි කාලයක් ගත වී තිබෙනවා. එම ව්‍යාපාරය සඳහා ආසියානු අලි ඇතුන් පිළිබඳ විශේෂඥ කමිටුවක් ස්ථාපිත කෙරුණා. විශේෂඥවරුන්ගේ උපදේශය එක්රැස් කරමින් වන අලි ඇතුන් පිළිබඳ විද්‍යාත්මක පාලන ක්‍රමය ඉදිරියට මෙහෙයවීම එහි අරමුණයි. දැන් යුන් නන් පළාතේ සිටින වන අලි ඇතුන් සංඛ්‍යාව පසුගිය 80 දශකයේ 193ක සිට දැනට 293ක් දක්වා වර්ධනය වුණා. වර්ධන අනුපාතය සියයට 52ක් පමණයි.

ඉදිරියේදී හෙක්ටයාර 7500ක් ඉඩම් කොටස් හයක් මත, පවතින වන ආසියානු අලි ඇතුන්ගේ වාසස්ථානයන් පුනරුත්ථාපන සංවර්ධනයට දායක වීමට සූදානම් වෙනවා. එහි තොරතුරුකරණ පරීක්ෂණ පද්ධතියක් ද හඳුන්වා දෙනවා. විශේෂයෙන් වන අලි ඇතුන්ගේ ක්‍රියාවන් මානව ජීවිතය හා එකිනෙකාට බලපෑම් අවම කිරීමේ ක්‍රමයන්ට විශේෂ අවධානයක් යොමු කිරීමටත් සැලසුම් කර තිබෙනවා.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන