ලන්ඩන් වැසියන්ගේ සිත දිනා ගත් බෙයිජිං ඔපෙරාව
2019-12-13 17:06:09
Share with:

චීන භූමිය මත සාම්ප්‍රදායික ප්‍රාදේශීය ඔපෙරා වර්ග 360ක් පමණ පවතින බව අපි කියන්නේ විස්මයජනක ලෙසයි. ඒ අතරින් සමහර ඔපෙරා වර්ග එහි ජනප්‍රියත්වය නිසාත් වැදගත් සංස්කෘතික ඓතිහාසික වටිනාකම නිසාත් යුනේස්කෝ සංවිධානය විසින් ලෝක සංස්කෘතික උරුම ලෙස නම් කර තිබෙනවා. බෙයිජිං ඔපෙරාව ඉන් එකක්.

 

පසුගිය මාසයේ චීන ජාතික බෙයිජිං ඔපෙරා කණ්ඩායම බ්‍රිතාන්‍යයේ ආරාධනාවට අනුව ලන්ඩන් නුවරදී සංදර්ශනයක් පැවැත්වුවා. චීනය පුරා ප්‍රසිද්ධ වන නළුවා ‘යූ කුයිචී’ හා නිළිය ‘ලී ශෙන්සූ’ගේ ප්‍රමුඛත්වයෙන් චීන බෙයිජිං ඔපෙරා ක්ෂේත්‍රයේ ප්‍රවීණ තරුණ නළු නිළියන් 63 දෙනෙක් එම සංදර්ශනයට එක් වුණා.

සංදර්ශනය පැවැත්වූ ලන්ඩන් Sadler’s Wells රඟහලේ හිස් අසුනක්වත් තිබුණේ නැහැ. ප්‍රේක්ෂකයන් අතරින් චීන භාෂාව ඉගෙන ගන්නා බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් , ඔපෙරා ලෝලීන්, ඒ වගේම බෙයිජිං ඔපෙරාව දැක ගන්න රුචියක් දක්වන ලන්ඩන් වැසියන් සිටිනවා. බෙයිජිං ඔපෙරාව ප්‍රථම වතාවට රස විඳි අවස්ථාවේම එහි සියුම් තාලය හා අලංකාර ඇඳුම් පැළඳුම්වලින් සිත ඇද ගත් බව Pia Bittner නම් ප්‍රේක්ෂිකාව පැවසුවා. බෙයිජිං ඔපෙරාව තුළින් චීන සංස්කෘතික සුන්දරත්වය දැක ගන්න පුළුවන් බවත් එය වැදගත් සංස්කෘතික හුවමාරුවක් බවත් ඇය සඳහන් කරනවා.

බ්‍රිතාන්‍යයේ චීන තානාපති ලියු ෂිඕ මිං මහතා විශේෂයෙන් මෙවර රංගනයට එක් වූ චීන ජාතික බෙයිජිං ඔපෙරා කණ්ඩායමට සුභ පැතුම් පණිවිඩයක් යොමු කළා. මෑත වසරවලදී බ්‍රිතාන්‍යයේ රංගනයන් 20ක් පමණ හා කලාත්මක දේශන රැසක් පැවැත්වූ එම කණ්ඩායම චීන සාම්ප්‍රදායික සංස්කෘතිය විදේශිකයන්ට විදහා පෑමේ ඵළදායික වේදිකාවක් හා කවුළුවක් බවට පත් වී තිබෙන බවත් එයට එන්න එන්නම වැඩි ජනප්‍රියත්වයක් හිමි වන බවත් ලියු ෂිඕ මිං තානාපතිවරයා සඳහන් කළා.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන