ප්‍රංශයේ LA LISTE ජාත්‍යන්තර ආහාර පිළිබඳ 2020 වසරේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ චීනයට 2වැනි ස්ථානය
2019-12-13 09:02:52
Share with:

ප්‍රංශයේ LA LISTE ජාත්‍යන්තර ආහාර පිළිබඳ 2020 වසරේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ චීනයට 2වැනි ස්ථානය

ප්‍රංශයේ LA LISTE ජාත්‍යන්තර ආහාර පිළිබඳ 2020 වසරේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ චීනයට 2වැනි ස්ථානය

ප්‍රංශයේ LA LISTE ජාත්‍යන්තර ආහාර පිළිබඳ 2020 වසරේ ශ්‍රේණිගත කිරීම ප්‍රංශ විදේශ අමාත්‍යංශයේදී පසුගියදා සිදු කෙරුණා. මෙම ශ්‍රේණිගත කිරීම ප්‍රංශයේ හිටපු රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳ විද්වතෙක් වන Philippe Faure විසින් 2015 වසරේදී නිර්මාණය කරන ලද්දක්. මේ වන විට, ලෝකයේ රටවල් 185ක අවන්හල් 20000කට වැඩි සංඛ්‍යාවක් ඊට ඇතුළත් වී තිබෙනවා.

මෙම ශ්‍රේණිගත කිරීම අනුව, අවන්හල් 4ක් ඉදිරියෙන් සිටිනවා. ප්‍රංශයේ GUY SAVOY අවන්හල, ඇමරිකාවේ Le Bernardin අවන්හල, ජපානයේ Sugalabo අවන්හල හා RyuGin අවන්හල පෙරමුණ ගන්නා අවන්හල් 4යි. ඒ අතරින්, ප්‍රංශයේ GUY SAVOY අවන්හල අඛන්ඩවම 4වැනි වතාවටත් මෙම ශ්‍රේණිගත කිරීමේ ඉදිරියෙන් සිටින අවස්ථාව මෙයයි.

2020 වසරේ විශිෂ්ටතම අවන්හල් 1000 කින් සමන්විත මෙම ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවට ජපානයේ අවන්හල්130ක් ඇතුලත්. මේ සමග ම, වැඩි ම අවන්හල් සංඛ්‍යාවක් මෙම ලැයිස්තුවට එක් වන රට බවට ජපානය පත් ව තිබෙනවා. චීනයේ අවන්හල් 126ක් එම ලැයිස්තුවට එක් වී ඇති නිසා චීනයට හිමි වී ඇත්තේ 2වැනි ස්ථානයයි. ප්‍රංශය 3වැනි ස්ථානයේ රැඳී සිටිමින් අවන්හල් 116ක් එම ලැයිස්තුවට එක්කර තිබෙනවා.

මෙම ශ්‍රේණිගත කිරීම අනාවරණය කිරීමේ උත්සවයේදී සම්මානයක් දිනා ගත් චීනයේ බෙයිජිං අවන්හලක් වන Bai Jia Da Yuan අවන්හල චීනයේ පැරණි රාජකාරී ව්‍යංජන ඉදිරිපත් කළ බව විශේෂයෙන් ම සඳහන් කළ යුතුයි. එම අවන්හලේ ප්‍රධාන අරක්කැමියා එහිදී පැවසුවේ සුප ශාස්ත්‍රය හා ආහාරය මගින් ලෝකයා වෙත චීන සංස්කෘතිය ප්‍රචලිත කිරීම තමන්ගේ අපේක්ෂාව බවයි.


ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන