‘එක් රටක්, ක්‍රම දෙකක්' ප්‍රතිපත්තියෙන් ලද මැකෞව් සංවර්ධනය
2019-12-11 10:16:42
Share with:

‘එක් රටක්, ක්‍රම දෙකක්' ප්‍රතිපත්තියෙන් ලද මැකෞව් සංවර්ධනය

මේ වසර මැකෞව් චීනයට ආපසු පැමිණීමේ 20වැනි සංවත්සර වසරයි. ගෙවී ගිය වසර 20 තුළ මැකෞව් හි ආර්ථික හා සමාජ සංවර්ධනය විශාල ජයග්‍රහණ ලබා ගෙන තියෙනවා. මැකෞව් හි දළ දේශීය නිෂ්පාදනය අධිවේගයෙන් වර්ධනය වී නගරයේ පෙනුම අලුත් හා ලස්සන වෙලා තියෙනවා. මැකෞව් හි මුළු ජනගහනය වේගයෙන් වර්ධනය වී ඇති අතර අධ්‍යාපනය විශාල ප්‍රගතියක් ද ලබා ගෙන තියෙනවා. එවගේම මැකෞව් හි විද්‍යා හා තාක්ෂණික නවෝත්පාදනයන් සමෘද්ධිමත් වී තිබෙනවා.

මැකෞව් පදනමේ විධායක කමිටුවේ සභාපති 55 හැවිරිදි Wu Zhiliang මහතා වසර 30 කට වැඩි කාලයක් තිස්සේ එම පදනම සමඟ කටයුතු කර තියෙනවා. මැකෞව් පදන‍මේ සංවර්ධනය හා වෙනස් කිරීමේ ක්‍රියාදාමය පමණක් නොව, මැකෞව් චීනයට ආපසු පැමිණීමෙන් පසු සිදු වූ විශාල වෙනස්වීම් ද ඔහු දුටුවා.

“වසර 20 ක සංවර්ධන ක්‍රියාදාමය මතක් කරන විට, මැකෞව් සාර්ථක වීමට හේතුව, විශේෂ පරිපාලන රජයට සහ සාමාන්‍ය ජනතාවට‘එක් රටක්, ක්‍රම දෙකක්'යන ප්‍රතිපත්තිය සවිස්තරාත්මකව හා නිවැරදිව අවබෝධ කර ගෙන ක්‍රියාත්මක කිරීමට හැකිවීම සහ මූලික නීතිය සම්පූර්ණයෙන් හා නිවැරදිව ක්‍රියාත්මක කිරීම”කියා Wu Zhiliang මහතා කිව්වා. ගෙවී ගිය වසර 20 තුළ, චීන ජාතික සංවර්ධනයට එක් වීම සහ මහා ගොඩබිම සමඟ පොදුවේ සංවර්ධනය කිරීම, මැකෞව් මව්රටට ආපසු පැමිණීමෙන් පසු ලැබූ විශාලතම ප්‍රතිලාභය බව ඔහු පැවසුවා.

මැකෞව්හිදී චීන සාම්ප්‍රදායික සංස්කෘතිය සැමවිටම ගැඹුරින් මුල් බැස ඇති අතර දේශප්‍රේමයේ සහ මැකෞව්ට ඇති ප්‍රේමයේ මූලික වටිනාකම සැමවිටම සමාජයේ ප්‍රධාන ධාරාවයි. වසර 20 ක් පුරා මැකෞව් විශේෂ පරිපාලන කලාපීය රජය සහ විවිධ ක්ෂේත්‍ර දේශප්‍රේමී සම්ප්‍රදාය පිළිගනිමින් චීන ඉතිහාසය හා සංස්කෘතිය ප්‍රචාරය කිරීමට කැප වී සිටිනවා.

මැකෞව් කුඩා කලාපයක් නමුත් ගුවන්තුං, හොංකොං හා මැකෞව් මහ බොක්ක ප්‍රදේශය සංවර්ධනයට එක් වෙමින් චීන ජාතික සංවර්ධනය සමඟ ඒකාබද්ධ වීම මැකෞව්ට විශාල වේදිකාවක් හා සංවර්ධන අවස්ථාවක් ලැබී තියෙනවා.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන