සබරගමුව විශ්ව විද්‍යාලයට කොන්ෆියුසියස් මධ්‍යස්ථානයක්
2019-12-11 10:17:47
Share with:

සබරගමුව විශ්ව විද්‍යාලයට කොන්ෆියුසියස් මධ්‍යස්ථානයක්

ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ කොන්ෆියුසියස් මධ්‍යස්ථානය ආරම්භ කර තිබෙනවා.

චීනයේ හු බේ පලාතේ හුවාං ගං ගුරු අධ්‍යාපන ආයතනය සහ ශ්‍රී ලංකා‍ සබරගමුව විශ්ව විද්‍යාලය සහයෝගතා පවත්වමින් පසුගිය මාසයේ එම කොන්ෆියුසියස් මධ්‍යස්ථානය ඒකාබද්ධව ස්ථාපිත කළා. එම මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමේ උත්සවය පසුගිය 28වැනිදා සබරගමුව විශ්ව විද්‍යාලයේදී පැවැත්වුනා.

ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයාගේ බිරිඳ Zou Yue cui මහත්මිය, සබරගමුව විශ්ව විද්‍යාල කුලපති ශන්ත මහතා, හුවාං ගං ගුරු අධ්‍යාපන ආයතනයේ උප කුලපති පෙං චින් මහතා සහ කොන්ෆියුසියස් මධ්‍යස්ථානයේ ප්‍රධානියා හා ගුරුවරුන් ඇතුළු 200ක පමණ පිරිසක් එම උත්සවයට එක් වුණා.

චීන කොන්ෆියුසියස් ආයතන මූලස්ථානයේ උපදේශකත්වය මත මේ වන විට ශ්‍රී ලංකාවේ කොන්ෆියුසියස් ආයතන දෙකක් සහ කොන්ෆියුසියස් මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කොට තියෙනවා. 2009 වසරේ ස්ථාපිත කෙරුණු චීන ජාත්‍යන්තර ගුවන් විදුලි-ශ්‍රී ලංකා කොන්ෆියුසියස් මධ්‍යස්ථානය ඒ අතරින් එකක්. එය ප්‍රථම වරට ගුවන් විදුලි සේවයක් විසින් ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලද චීන භාෂා ඉගැන්වීමේ මධ්‍යස්ථානයයි.

චීන-ශ්‍රී ලංකා දෙරටේ ආර්ථික සහයෝගිතාවේ සීඝ්‍ර වර්ධනයක් ලබා ඇති බැවින් ශ්‍රී ලංකාවට පැමිණෙන චීන සංචාරකයන්ගේ සංඛ්‍යාව ‍අඛණ්ඩව වැඩි වෙමින් පවතිනවා. චීන භාෂාව ඉගෙන ගැනීමේ උනන්දුවද ශ්‍රී ලාංකික ජනතාව අතර පවතිනවා.

සබරගමුව විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ සංයුක්ත විශ්ව විද්‍යාලයක්. එය චීන භාෂා පීඨ ආරම්භ කර ඇති ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල දෙකෙන් එකක්. මෙවර සබරගමුව කොන්ෆියුසියස් මධ්‍යස්ථානය ස්ථාපිත වීම, චීන-ශ්‍රී ලංකා දෙරටේ අධ්‍යාපන හා සංස්කෘතික යනාදී ක්ෂේත්‍රවල සහයෝගතා ගැඹුරු කිරීමටත්, දෙරටේ ජනතාවගේ අන්‍යෝන්‍ය අවබෝධ වැඩි දියුණු කිරීමටත්, දෙරටේ සබඳතා සංවර්ධනය ඉදිරියට ගෙන යාමටත් ඉවහල් වනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන