නවීකරණය වු චීනයේ පෝසිලේන් නිෂ්පාදන
2019-12-10 16:04:35
Share with:

Ci Zhou පෝසිලේන් පෝරණුව ආරම්භ කෙරුණේ පැරණි චීනයේ සුං අධිරාජ්‍ය කාලයේ. එහි නිෂ්පාදනය කරන ලද පෝසිලේන් භාණ්ඩ ප්‍රධාන වශයෙන් සාමාන්‍ය ජනතාව එදිනෙදා ජීවිතයේ භාවිත කෙරෙනවා. හබේ පළාතේ හන්ඩන් නගරයේ පිහිටි එම පෝසිලේන් පෝරණුව පැරණි කාලයේ උතුරු චීනයේ විශාලතම පෝසිලෙන් පෝරණුව ලෙස හඳුන්වන්න පුළුවන්.

මෑත වසර කිහිපය තුළ එහි පෝසිලේන් නිෂ්පාදන ශිල්පීන් සාම්ප්‍රදායික අත්කම් මත වර්තමාන සංකල්ප හා විද්‍යාව එකතු කොට පෝසිලේන් භාණ්ඩ හා තාක්ෂණය නවීකරණ කරමින් එම ඉපැරණි පෝරණුවට නව ස්වරූපයක් එක්කර තිබෙනවා.

Ci Zhou පෝසිලේන් ශිල්පින් Wang Nianfeng මහතා ත්‍රීමාණ ලෙසර් කැටයම් යන්ත්‍රයට ඉතා සරල සැකසීමක් කළා. එම යන්ත්‍රය ස්වයං ලෙස ක්‍රියා කරමින් විනාඩි කිහිපයකින් ඉතා ලස්සන නව මෝස්තර රූපයක් පෝසිලේන් භාණ්ඩ මත කැටයම් කෙරුණා. Wang Nianfeng මහතා ප්‍රකාශ කළේ සාම්ප්‍රදායික Ci Zhou පෝසිලේන් භාණ්ඩ නිෂ්පාදන තාක්ෂණයට ක්‍රියාදාම 72ක් ඇතුළත් බවයි. ඇතැම් ක්‍රියාදාම තුළ ඩිජි‍ටල් තාක්ෂණය භාවිත කරමින් නිෂ්පාදන කාල සීමාව අඩු කර අත්කමින් කළ නොහැකි නිෂ්පාදන ක්‍රියාවලිය ඩිජි‍ටල් තාක්ෂණය විසින් සැබෑ කළ හැකි වූණා. එය Ci Zhou පෝසිලේන් පෝරණුව ඉදිරි සංවර්ධන අවස්ථා මනා ලෙස ව්‍යාප්ත කළ බව හෙතෙම ප්‍රකාශ කළා.

තාක්ෂණ නවීකරණය කරමින් නිෂ්පාදිත වර්ග වැඩි කිරීමට Ci Zhou පෝසිලේන් ශිල්පියෝ උත්සාහ දරනවා. ඊට පෙර එහි නිෂ්පාදිත වුණේ පිඟන්, භාජන හා බෝතල් යනාදි භාණ්ඩයි. දැනට නව තාක්ෂණය නිසා Ci Zhou පෝසිලේන් පෝරණුව දැව භාණ්ඩ, අලංකාර භාණ්ඩ හා කලා නිර්මාණ ක්ෂේත්‍ර වලට පිවිස තිබෙනවා. ජනතාව සඳහා පෝසිලේන් භාණ්ඩ නිෂ්පාදනය කිරීම Ci Zhou පෝසිලේන් පෝරණුවේ ප්‍රධාන ජීවගුණයයි. එය සමාජ වර්ධනය සමඟ නව යුගයේ ජනතාවගේ අව්‍යශතාව සැපයීමට සක්‍රීය ලෙස ක්‍රියා කරනවා.

දැනට Ci Zhou පෝසිලේන් නිෂ්පාදන සමාගම් 60ක් පමණ තිබෙනවා. එහි රැකියා නියුක්තිකයින් සංඛ්‍යාව 20 දහසක්. Ci Zhou පෝසිලේන් ‍පෝරණුවේ වාර්ෂික සමස්ත ව‍ටිනාකම චීන යුආන් බිලියන 1.3ක්. ගෘහ පෝසිලේන් භාණ්ඩ, කලා පෝසිලේන් භාණ්ඩ හා ඉදි කිරීම් භාවිත පෝසිලේන් භාණ්ඩ ඇතුළු Ci Zhou පෝසිලේන් ‍පෝරණුවේ විවිධ භාණ්ඩ ලෝකයේ රටවල් හා ප්‍රදේශ 20කට පමණ යොමු කෙරෙනවා.

නවීකරණය වු චීනයේ පෝසිලේන් නිෂ්පාදන

නවීකරණය වු චීනයේ පෝසිලේන් නිෂ්පාදන

නවීකරණය වු චීනයේ පෝසිලේන් නිෂ්පාදන

නවීකරණය වු චීනයේ පෝසිලේන් නිෂ්පාදන

නවීකරණය වු චීනයේ පෝසිලේන් නිෂ්පාදන

Jia/Sheng

ගුවන් විදුලිය
20240415සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන