සංචාරකයින්ට මග කියන WeChat නව පහසුකම්
2019-12-10 15:44:03
Share with:

Wechat චීන‍යේ ක්ෂණික පණිවුඩ හුවමාරු කිරීමේ දුරකතන යෙදුම් වලින් ජනප්‍රිය ම එකක්. එමෙන්ම එම යෙදුම හා සම්බන්ධ සමාජ මාධ්‍ය වේදිකාව ජන ජීවිතයට විශාල බලපෑම් කර තිබෙනවා. පසුගිය දා Welcome with WeChat නම් සැලසුම සඳහා ලෝකයේ විවිධ සංචාරක ගමනාන්ත රටවල්වල සංචාරක දෙපාර්තමේන්තු සමඟ සංවිධානයක් ස්ථාපිත කරන බව Wechat ප්‍රකාශ කළා. Wechat යෙදුම පදනම් කරගනිමින් අදාළ මෘදුකාංග හා Wechat pay යන දුරකතන යෙදුම් මගින් විදේශ සංචාරයේ නිරත වන චීන ජාතිකයන්ට වඩා වැඩි පහසුකම් ලබා දීම එම සංවිධානය ස්ථාපිත කිරීමේ ප්‍රධාන අරමුණයි.

Welcome with WeChat නම් සැලසුම අන්තර්ජාල වේදිකාවක්. එය හා විදේශ රටවල්වල සංචාරක දෙපාර්තමේන්තු අතර සමීප සහයෝගතා පවත්වා සංචාරකයන්ට වඩා හොඳ සේවා ලබා දිය හැකි බව එම සැලසුමේ ප්‍රධානියා පැවසුවා. දැනට රටවල් හා ප්‍රදේශ 30ක සංචාරක දෙපාර්තමේන්තු එම සැලසුමට එක් වී සිටිනවා. අදාළ සංචාරක ගමනාන්තවල අවශ්‍යතා අනුව එම තොරුතුරු සේවා ඩිජිටල්කරණය, කර්මාන්ත සංවර්ධන සාකච්ඡා මණ්ඩප, කර්මාන්ත සංවර්ධන අරමුදල සහ නායක සමුළුව යන ක්‍රියාකාරකම් පැවැත්වීමට WeChat සූදානමින් සිටිනවා.

මෑත වසර කිහිපය තුළ WeChat මගින් විදේශ සංචාරවල නිරත චීන සංචාරකයන් සඳහා විවිධ මෘදුකාංග පහසුකම් ලබා දීම ක්‍රියාත්මක කෙරෙනවා. මේ වසරේ WeChat මලයාසියාව හා සිංගප්පූරුවේ සංචාරක ආයතන සමඟ සහයෝගතා පවත්වා චීන සංචාරකයන්ට විවිධ මෘදුකාංග ලබා දී තිබෙනවා. දැනට ලෝකයේ WeChat මෘදුකාංග සක්‍රිය ව භාවිත කරන්නන්ගේ මාසික සංඛ්‍යාව බිලියන 1.15ක්.

සංචාරකයින්ට මග කියන WeChat නව පහසුකම්


Jia/Sheng

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන