චීනය විසින් නිර්මාණය කරන ලද මෘදුකාංග ජපාන වෙළඳපොලේ ජනප්‍රිය වෙයි
2019-12-10 16:34:43
Share with:

ඇතැම් චීන නිෂ්පාදිත ජපාන ජන ජීවිතයේ නැතුවම බැරි කොටසක් බවට පත් ව තිබෙනවා. Haier රෙදි හෝදන යන්ත්‍රය, හුආවේ ජංගම දුරකතනය යන චීන නිෂ්පාදිත ජපාන වෙළඳපොලට සාර්ථකව පිවිස තිබෙනව. දැනට alipay, didi, දුරකතන ක්‍රිඩා මෘදුකාංග හා Tik Tok නමින් නව මාධ්‍ය යෙදුම් ඇතුළු චීනය විසින් නිර්මාණය කරන ලද මෘදුකාංග ජපාන වෙළඳපොලට යොමු වෙමින් පවතිනවා.

කුලී රථයක් ගැනීම සඳහා didi නම් ජංගම දුරකතන මෘදුකාංග දැනට ජපානයේ නගර 17කදීභාවිත කරන්න පුළුවන්. ජපානයේදීක්‍රියාත්මක කර වසරක් කාලයකට ගතවීමෙන් පසු එම මෘදුකාංග සේවය ජපානයේ තවත් නගර 3කදී විවෘත කිරීමට සූදානම් වෙනවා. මේ වසරේ සැප්තැම්බර් මස වන විට එම මෘදුකාංග ජපානයේ භාවිත කරන්නා සංඛ්‍යාව මිලියන 50ක්. ජපානයේ කුලී රථ සේවා සමාගම් 200කට වැඩි ප්‍රමාණයක් එම මෘදුකාංග සමඟ සහයෝගතා පැවැත්වුවා. ඒ මගින් චීන සංචාරකයන්ට ජපානයේදීසෘජුවම කුලී රථයක් ගෙන්වා ගන්න පුළුවන්. ඒ විතරක් නොවෙයි එහි චීන භාෂා හා ජපාන භාෂා පරිවර්තන සේවා ලබා දෙනවා. චීන භාෂාව කතා කරන පරිභෝගික සේවක මණ්ඩලයක් සිටිනවා.

මුදල් ගෙනි යන්නේ නැතුව ජංගම දුරකතන යෙදුම මගින් මුදල් ගෙවීම ජපානයේ ද ජනප්‍රිය වෙමින් පවතිනවා. Tokyo හා Osaka වැනි විශාල නගර වල පමණක් නොව ජපානයේ බොහෝ මධ්‍යම හා කුඩා නගර වල ඇති කඩ සාප්පු හා ස්වයං පාරිභොගික සේවා යන්ත්‍ර මගින් Wechat pay හෝ alipay භාවිත කරන්නත් පුළුවන්.

ජපාන ආර්ථික පුවත් වෙබ් අඩවියේ මෑතකදී නිකුත් කළ වාර්තාවක් අනුව, දුරකතන ක්‍රීඩා, කෙටි විඩියෝ හා සජීවි අන්තර් ජාල විකාශය යන ක්ෂේත්‍රයන්හි චීනය නිර්මාණය කළ මෘදුකාංග සිය ජාත්‍යන්තරකරණ ක්‍රියාදාමය තුළ ජපානය වැදගත්‍ රටක් ලෙස සලකනවා.

ජපානය ඩිජිටල් ක්‍රිඩා පුළුල් පරාසයක් සහිත රටක් ලෙස හඳුන්වන්න පුළුවන්. නමුත් 2017 වසරේ චීන Netease සමාගම ජපානයේදී අන්තර් ජාල ක්‍රිඩා නිෂ්පාදිතයක් නිකුත් කළා. ඉන් පසු මාස 6ක කාලයක් තුළ එම ක්‍රිඩාව ජපානයේ ජනප්‍රියතම ක්‍රිඩා යෙදුම් නාම ලැස්තුවේ තුන්වන ස්ථානය අත්පත් කර ගෙන තිබෙනවා. දැනට එම ක්‍රිඩාවෙන් ලබන වාණිජ ආදායම ඇමරිකානු ඩෝලර් මිලියන274ක්. එය සමස්ත ලෝකයෙන් ලබා ගත් ආදායමෙන් සියයට 74ක්.

ඩිජිටල් වාණිජ්‍ය ක්ෂේත්‍රයෙන් චීනය ලබා ගත් අත්දැකීම් පිළිබඳව ජපානයේ ද අවධානය යොමු වෙනවා. චීනයේ Alibaba වැනි විශාල ඩිජිටල් වාණිජ්‍ය වේදිකාවක් ජපානයටද හිමි විය හැකි බව ජපාන වාණිජ්‍ය ක්ෂේත්‍රයේ අපේක්ෂාව පළ වී තිබෙනවා.

චීනය විසින් නිර්මාණය කරන ලද මෘදුකාංග ජපාන වෙළඳපොලේ ජනප්‍රිය වෙයි

චීනය විසින් නිර්මාණය කරන ලද මෘදුකාංග ජපාන වෙළඳපොලේ ජනප්‍රිය වෙයි

චීනය විසින් නිර්මාණය කරන ලද මෘදුකාංග ජපාන වෙළඳපොලේ ජනප්‍රිය වෙයි


චීනය විසින් නිර්මාණය කරන ලද මෘදුකාංග ජපාන වෙළඳපොලේ ජනප්‍රිය වෙයි

චීනය විසින් නිර්මාණය කරන ලද මෘදුකාංග ජපාන වෙළඳපොලේ ජනප්‍රිය වෙයි


ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන