හමුදාවෙන් විශ්‍රාමික වියපත් පරිසර ආරක්ෂක--- Wang Chengbang
2019-12-03 09:40:44
Share with:

හමුදාවෙන් විශ්‍රාමික වියපත් පරිසර ආරක්ෂක--- Wang Chengbang

හමුදාවෙන් විශ්‍රාමික වියපත් පරිසර ආරක්ෂක--- Wang Chengbang

හමුදාවෙන් විශ්‍රාමික වියපත් පරිසර ආරක්ෂක--- Wang Chengbang

හමුදාවෙන් විශ්‍රාමික වියපත් පරිසර ආරක්ෂක--- Wang Chengbang

හමුදාවෙන් විශ්‍රාමික වියපත් පරිසර ආරක්ෂක--- Wang Chengbang

චීනයේ ෂී ච්‍යං උයිගුර් ස්වයං පාලන කලාපය වයඹදිග චීනයේ පිහිටා තිබෙනවා. භූමි ප්‍රමාණයෙන් චීනයේ පලාත් මට්ටමේ විශාලතම කලාපය වන්නේ ෂී ච්‍යං උයිගුර් ස්වායත්තයයි.

Kuerle නගර‍ය ෂී ච්‍යං හි මධ්‍යම ප්‍රදේශයේ පිහිටා තිබෙන නගරයක්. 83 හැවිරිදි විශ්‍රාමික හමුදා භටයෙක් වන Wang Chengbang , Kuerle නගර‍ය පිළිබඳව අපිට හඳුන්වා දුන්නා. ඔහු පැවසුවේ එම නගරයට ප්‍රධාන ප්‍රදේශ 2ක් හිමි බවයි. ඒ Lou Lan පැරණි නගර ප්‍රදේශය හා Kuerle අලුත් නගර ප්‍රදේශයයි. Lou Lan පැරණි නගර ප්‍රදේශය සක්‍රීය වැලිවලින් ආවරණය වී ඇති අතර දැනට එහි සුන්බුන් සහිත දර්ශනීය ස්ථානයක් වශයෙන් පවත්වා ගෙන යනවා. Kuerle අලුත් නගර ප්‍රදේශය පාරිසරික සංවර්ධනයත් සමග එහි පරිසර හිතකාමී වටපිටාවක් දැකිය හැකි බව ඔහු සඳහන් කළා.

හමුදාවෙන් ඉවත් වීමෙන් පසු Wang Chengbang වතු සේවකයෙක් බවට පත් ව සිටිනවා. එතැන් සිට මේ දක්වා, ඔහු Kuerle නගර‍යේදී ස්වේච්ඡාවෙන් වෘක්ෂ රෝපණය කර තිබෙන සංඛ්‍යාව මිලියනකට ආසන්නයි. නමුත්, මුලින් ම එම ප්‍රදේශයේ වෘක්ෂ රෝපණයට සුදුසු ම ස්ථාන සොයා ගැනීම ලෙහෙසි කාරණයක් වුණේ නැහැ. එහි වර්ෂා පතනය ඉතා අඩු වගේ ම එහි පස්වල අඩංගු ලුණු ප්‍රමාණය ඉහළ යාමේ තත්ත්වය තමයි ඊට හේතු වී තිබෙන්නේ. වසර 60කට පෙර කාලය සිහි කරමින් Wang Chengbang අපිට පැවසුවේ වෘක්ෂ රෝපණය කළ මුල් කාලයේ පස්වල ලුණු තිබෙනවා ද නැද්ද යන්න තමා රස බැලීමට අවශ්‍ය වූ බවයි. පස්වල ලුණු රසයක් නැත්නම් පැණි රසයක් තිබෙනවා නම් වෘක්ෂ රෝපණයට සුදුසු බවයි ඔහුට තේරුම් ගත හැකි වූයේ. මෙලෙස නිරන්තරයෙන් ම රස බැලීමෙන් පසු, මුඛයට ඉතා අමුතු හැඟීමක් ඇති වන බව ද Wang Chengbang සඳහන් කළා.

ඔහුගේ ආදර්ශ කාර්යභාරය යටතේ, ගෙවී ගිය වසර 22 තුළ, මිලියන 1.8ක පමණ Kuerle වැසියෝ වෘක්ෂ රෝපණය කිරීමේ කටයුතු සඳහා එක් ව සිටිනවා. පසුගිය ජුලි මාසයේ ජාතික මට්ටමේ පර්මාදර්ශී විශ්‍රාමික හමුදා භට චරිතය ලෙස තේරී පත් ව සිටින Wang Chengbangට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ආචාරය දැක්වීමේ ගෞරවනීය අවස්ථාවක් හිමි වුණා.


ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන