‍ ‍ශ්‍රී ලංකාවේ කෘෂි අපනයනයට නව ආරම්භයක්
2019-12-02 14:36:46
Share with:

මෙලොවේ විද්‍යා තාක්ෂණය කොපමණ දියුණු ‍තත්ත්වයක පැවතිය ද, අපේ ජීවිතය කොපමණ නවීකරණ යුගයකට පිවිස තිබුණද, කෘෂිකර්මය සදාකාලිකවම ජනතාවටත් සෑම රටකටත් මූලිකම කර්මාන්තය ලෙස සැලකෙනවා. ආහාර, ජනතාවට අහස සේම වැදගත් කියලා චීන කියමනක් තිබෙනවා මෙන්ම මඩ සෝදා ගත් කල ගොවියා රජකමටත් සුදුසුයි යන සිංහල කියමනත් ඔබට හුරුයි.

සහල් ඇතුළු කෘෂි භාණ්ඩ පරිභෝජනය ආනයනය මත යැපීමේ තත්ත්වය ශ්‍රී ලංකාවේ වර්තමානයේ පැවතිය ද වගා කළ හැකි වපසරිය හෙක්ටයාර මිලියන හතරක් ඇති දිවයිනට සරුසාර බෝග වගා ඉඩම් මෙන්ම මනා දේශගුණික තත්ත්වයන් හිමි වන නිසා කෘෂිකර්ම ආර්ථිකය සංවර්ධනය සඳහා යහපත්ම ස්වභාවික පහසුකමක් සතු බව පැහැදිලියි. විශේෂයෙන් තේ, රබර්, පොල්, ගම්මිරිස්, කුරුඳු වැනි කෘෂි නිෂ්පාදන මගින් ස්වයං සැපයුමට අමතරව අපනයනය කිරීමටත් ශ්‍රී ලංකාවට හැකි වී තිබෙනවා.

දැනට ශ්‍රී ලංකාවේ කෘෂි අපනයනයට නව වර්ධන අවකාශයක් සලසා දී තිබෙනවා. ඒ නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය‍යේ පෙරදැක්ම වැඩපිළිවෙල යටතේයි. මෙහිදී ජාතික ආර්ථිකයට අපනයන කෘෂිකර්මාන්තයෙන් ලැබෙන දායකත්වය තවදුරටත් වැඩි කිරීමට ශ්‍රීලංකාව විශේෂයෙන් අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව තේ, රබර්,‍ පොල්, ගම්මිරිස්, කුරුඳු ඇතුළු අපනයන බෝග සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටළු වලට ඉදිරියේදී විසඳුම් ලබා දීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍යංශය ප්‍රකාශ කර තිබෙනවා. තේ කර්මාන්තය ඇතුළු කෘෂිකාර්මික ආර්ථිකය නඟා සිටුවීම වෙනුවෙන් විශේෂයෙන් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද සඳහන් වෙනවා.

ගෙවී ගිය දශක පහ පිළිබඳ දත්ත අධ්‍යයනය කිරීමේදී කෘෂි කර්මාන්තය රටේ දළදේශීය නිෂ්පාදන වටිනාකමෙන් ගත් අනුපාතය එන්න එන්න අවම වූ බව සත්‍යයක්. ඒත් කෘෂිකර්ම අපනයනය ශ්‍රීලංකාවේ අපනයන ආදායමට සිදු කළ විශාල දායකත්වය අපි මඟ නොහැරිය යුතුයි. මෙහිදී සංවර්ධනය වෙමින් පවතින රටවල සහයෝගතා හා සංවර්ධනය වැඩිදියුණු කිරීමේ අරමුණෙන් ස්ථාපිත එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ යන වේදිකාව මගින් ශ්‍රීලංකාවේ කෘෂි අපනයනය යළිත් පුනරුත්ථාපනය වීමත්, රටේ සැඟවුණු ආර්ථික හැකියාවන් විදහා පෑමත් අපේක්ෂා කළ හැකි කාරණාවන් වෙනවා. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ ප්‍රමුඛ රටක් වන චීනය පමණක් ගත්තොත්, කෝටි 140ක ජනගහණයක් ඇති වෙළඳපො‍ළක ආකර්ෂණීයත්වය කෙතරම් දැයි අමුතුවෙන් කිව යුතු නොවේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන