චීනයේ මුහුදු ආසන්න ප්‍රදේශ වල විශාලතම කඩොලාන සුරැකුම් කලාපය
2019-11-20 14:42:08
Share with:

මෑත වසර කිහිපය තුළ මුළු ලෝකයේ ම කඩොලාන ප්‍රමාණය අඩු වෙමින් පවතිනවා. එහෙත් දකුණු චීනයේ ගුවන්තුං පළාතේ Zhan Jiang නගරයේ කඩොලාන ප්‍රමාණය වසරින් වසර වැඩි වෙමින් පවතිනවා.

Zhan Jiang නගරයේ Gao qiao උප නගරයේ පිහිටි කඩොලාන ස්වභාවික සුරැකුම් කලාපය ස්ථාපිත කෙරුණේ පසුගිය 1990 වසරේදී. ඉන් වසර 7 කට පසු එම සුරැකුම් කලාපය චීන ජාතික මට්ටමේ ස්වභාවික සුරැකුම් කලාපයක් බවට පත්වූණා. හෙක්ටාර් 20278.8කින් සමන්විත එම සුරැකුම් කලාපය තුළ කඩොලාන ප්‍රමාණය හෙක්ටාර් 7228ක්. එය සමස්ත චීනයේ කඩොලාන ප්‍රමාණයෙන් සියයට 33ක්. එය චීනයේ මුහුදු ආසන්න ප්‍රදේශ වල විශාලතම කඩොලාන ප්‍රමාණය සහිත සුරැකුම් කලාපය ලෙස හඳුන්වන්න පුළුවන්.

20 වැනි සියවසේ 90 දශකයේ කඩොලාන ස්වභාවික සුරැකුම් කලාපය ස්ථාපිත කිරීමෙන් කඩොලාන ගස් හා තෙත් බිම් ජෛව පද්ධතිය Zhan Jiang නගරය විසින් සුරක්ෂිත කර තිබෙනවා. මෑත වසර කිහිපය තුළ චීන මධ්‍යම රජය පරිසරය සුරක්ෂිත කිරීමේ නිරීක්ෂණ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් එහි විවිධ පියවර යොදා ගනිමින් කඩොලාන තෙත් බිම් සම්පත් පුනරුත්ථාපන හා සුරක්ෂිත කටයුතු ක්‍රියාත්මක කරනවා. එහි ජෛව පරිසරය පුනරුත්ථාපනය කෙරුණා.

2018 වසරේ එම සුරැකුම් කලාපය තුළ කඩොලාන ගස් හෙක්ටාර් 157 ක් රෝපණය කෙරුණා. මේ වසරේ තවත් කඩොලාන ගස් හෙක්ටාර් 150ක් රෝපණය කරමින් ජෛව පුනරුත්ථාපනය හරහා එහි කඩොලාන ප්‍රමාණය වැඩි කිරීම ශක්තිමක් කර තිබෙනවා. එමෙන්ම අදාළ සුරක්ෂිත පියවර නිසා එහි ජෛව විවිධත්වය යහපත් වීසුරැකුම් කලාපය තුළ හා ආසන්න ප්‍රදේශ වල පක්ෂීන් වර්ග 305ක් සහ මත්ස්‍ය වර්ග 139ක් දැකිය හැකියි.

චීනයේ මුහුදු ආසන්න ප්‍රදේශ වල විශාලතම කඩොලාන සුරැකුම් කලාපය

චීනයේ මුහුදු ආසන්න ප්‍රදේශ වල විශාලතම කඩොලාන සුරැකුම් කලාපය

චීනයේ මුහුදු ආසන්න ප්‍රදේශ වල විශාලතම කඩොලාන සුරැකුම් කලාපය

චීනයේ මුහුදු ආසන්න ප්‍රදේශ වල විශාලතම කඩොලාන සුරැකුම් කලාපය

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන