කහ සහ යැන් සී ගංඟාවන්හි ජෛව පරිසර යහපත් කිරීම
2019-11-19 15:47:15
Share with:

උතුරු චීනයේ කහ ගංඟාව සහ මධ්‍යම චීනයේ යැන් සී ගංඟාව චීන ශිෂ්ටාචාරය පෝෂණය කරන ඉතා වැදගත් ගංඟා දෙක ලෙස හඳුන්වන්න පුළුවන්. මෑත වසර කිහිපය තුළ එම ගංඟාවන් දෙකෙහි නිම්නයේ ජෛව පරිසර යහපත් කිරීම සඳහා චීනය අඛණ්ඩව ක්‍රියා කරනවා. ඒ සඳහා උසස් පෙළේ ජාතික සංවර්ධන සැලසුම්,ආර්ථීක ව්‍යුහය වෙනස් වීම සහ පද්ධති ප්‍රතිසංස්කරණය යන ක්ෂේත්‍ර වලට චීනය සහය ලබා දූන්නා. ජෛව පරිසරය ප්‍රමුඛ හරිත සංවර්ධන මාර්ගයක් චීනය සොයා ගෙන තිබෙනවා. 

හූබේයි පළාතේ යී චඅන් නගරය යැන් සී ගංගාවේ ඉහළ ඉවුර හා මධ්‍යම ඉවුර හරහට කැපෙන ස්ථානයක පිහිටා තිබෙනවා. එම නගරය අයත් ප්‍රදේශය යැන් සී ගංගාවේ ඉතා සංවේදී ජෛව පරිසර පවතින ප්‍රදේශයක්. එහි ප්‍රසිද්ධ රසායනික සමාගමක් ලෙස ටින්ටින් රසායනික සමාගම වසර තුනකට පෙර වසා දැමුවා. මේ සම්බන්ධයෙන් ටින්ටින් රසායනික සමාගමේ හිටපු ප්‍රධාන කළමනාකරු Li Xianrong මහතා මෙ ලෙස අදහස් දැක්වුවා.

“2016 වසරේ රජයේ ඉල්ලීම අනුව අපේ සමාගම වසා තැබීමට අපි තීරණය කළා. ඉන් පසු වසරක කාලය තුළ සමාගමේ සේවක මණ්ඩලය යළි රැකියා නියුත්ක්ත කිරීම,දේපළ ඈවර කිරීම යන කටයුතු අපි ක්‍රියාත්මක කළා. දැනට හිටපු සේවක මණ්ඩලයේ සියයට 70ක සේවක පිරිසක් අපි යළි රැකියා නියුක්ත කළා. ”

බටහිර,මධ්‍යම හා නැගෙනහිර චීනයේ ගලා යන වැදගත් ගංගාව ලෙස යැන් සී ගංගාවේ සමස්ත දුර කිලෝමිටර් 6300 ක්. එම ගංගාවේ ජල තත්ත්වය යහපත් කිරීම කේන්ද්‍රිය කරගනිමින් ඒකාබද්ධ පරිපාලන පද්ධතිය චීනය අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. විවිධ විශේෂ මෙහෙයුම් සංවිධානය කරමින් ජල දූෂණ පාලනය ,ජෛව පරිසර පුනරුත්ථාපනය හා ජල සම්පත් සුරැකුම් යන කටයුතු ඉදිරියට ගෙන යෑමට චීනය ක්‍රියා කරනවා.

මේ සම්බන්ධයෙන් හූනන් පළාතේ ජෛව පරිසර දෙපාර්තමේන්තුවේ උප අධ්‍යක්ෂ Pan Biling මහතා පැවසුවේ දැනට යැන් සී ගංගාවේ ජල තත්ත්වය කැපී පෙනෙන ලෙස යහපත් වූබවයි. රසායනික ව්‍යවසායන් ගංගා ඉවුරේ ඉදි කිරීම, දූෂිත ජල පාලනය හා පානීය ජල සුරක්ෂිතතාව යන ප්‍රශ්න වලට වැඩියෙන් අවධානය යොමු කරමින් යැන් සී ගංගාවේ ජෛව පරිසර පුනරුත්ථාපන මෙහෙයුම් ඉදිරියට ගෙන යෑමට හූනන් පළාත ක්‍රියා කරනවා. යැන් සී ගංගාවේ අතු ගංගා වන ෂන් ජ්‍ය ගංගාශ්‍රිත ප්‍රදේශයේ බැර ලෝහ ව්‍යවසායන් දහසක් වසා දමා තිබෙන බව හෙතෙම පැවසුවා.

කහ සහ යැන් සී ගංඟාවන්හි ජෛව පරිසර යහපත් කිරීම

Jiajia/Sheng


ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන