ශ්‍රී ලංකා තේ සඳහා මනා වේදිකාවක් සපයන දෙවන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය
2019-11-19 15:39:44
Share with:

ස්ටැසන් සමාගම ශ්‍රී ලංකාවේ විශාලම තේ නිෂ්පාදන සමාගම් වලින් එකක්. පසුගිය දා චීනයේ ශන්හැයි නගරයේදී පැවති දෙවන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය හරහා කාබනික ලංකා තේ චීන වෙළඳපොල ව්‍යාප්ත කළ හැකි වීම එම සමාගමේ ප්‍රධාන අපේක්ෂාවයි.

මේ සම්බන්ධයෙන් එම සමාගමේ කළමනාකාර Alex David මහතා පසුගිය දා ෂිංහුවා ප්‍රවෘත්ති ඒජන්සියේ සම්මුඛ කච්ඡාවකට එක්වෙමින් මෙසේ පැවසුවා.

“චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය වැනි වේදිකාවක් හරහා චීන වෙළඳපොලට ලංකා තේ ප්‍රචාරය කිරීමට හැකිවීම ගැන අපි චීනයට ස්තූතිය පළ කරනවා. මොකද ලංකා තේ සඳහා චීනයේ විශාල වෙළඳපොල අවස්ථාවන් තිබෙන නිසා. අවුරුදු 30 කට කලින් චීනයට අපනයනය කළ ලංකා තේ ප්‍රමාණය ඉතා අඩුයි. නමුත් දැනට එම ප්‍රමාණය සිඝ්‍රයෙන් වැඩි වෙමින් පවතිනවා. ”

ස්ටැසන් සමාගමේ හප්පුතලේ පිහිටි කාබනික තේ වත්ත ලෝකයේ පළමු වැනි කාබනික තේ වත්තක් ලෙසට සැලකෙනවා. මෑත වසර කිහිපය තුළ එම සමාගම නිෂ්පාදන කළ කාබනික තේ චීනයේ මෙන් ම ලෝකයේ ම ඉතා ජනප්‍රිය වෙමින් පවතිනවා. සමස්ත ලංකාවේ තේ නිෂ්පාදන ප්‍රමාණයෙන් සියයට 10කට දායක වන එම සමාගම පසුගිය වසරේ පළමුවැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට සහභාගි වීතිබෙනවා. මේ වසරේ චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට එක් වෙමින් එම සමාගම තවත් වැදගත් වැඩකටයුතක් එහිදීක්‍රියාත්මක කරනවා. ඒ ලංකා තේ පිළියෙළ කිරීමේ නිවැරදි ක්‍රමය චීන පරිභෝගිකයන්ට හඳුන්වා දෙමින් ලංකා තේ නියම රස ඔවුන්ට රස විඳින්න අවස්ථා ලබාදීමයි. ඒ නිසා මේ වර ප්‍රදර්ශනයේදීතේ පිළියෙළ කරන ආකාරය කියා දෙන විශේෂ වැඩසටහනක් එම සමාගම සුදානම් කළ බව Alex David මහතා සඳහන් කළා. විශේෂයෙන්ම චීන තරුණ පරිභෝගිකයන් දිගු පත්‍ර සහිත තේ කෙරෙහි ඉල්ලුම වැඩි වී ඇති අතර පලතුරු හා සමන්පිච්ච මල් තේ වලට වැඩි උනන්දුවක් දක්වනවා. එනිසා එම අධ්‍යයන වැඩසටහන ඉදිරිපත් කිරීමට එම සමාගම බලාපොරොත්තු වෙනවා.

ශ්‍රී ලංකා තේ සඳහා මනා වේදිකාවක් සපයන දෙවන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය

ශ්‍රී ලංකා තේ සඳහා මනා වේදිකාවක් සපයන දෙවන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය

ශ්‍රී ලංකා තේ සඳහා මනා වේදිකාවක් සපයන දෙවන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය

ශ්‍රී ලංකා තේ සඳහා මනා වේදිකාවක් සපයන දෙවන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය

ශ්‍රී ලංකා තේ සඳහා මනා වේදිකාවක් සපයන දෙවන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය

Jiajia /Sheng

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන