හාමි කෘෂිකාර්මික තාක්ෂණ ජාතික කලාපයේ සාර්ථකත්වය
2019-11-19 17:10:37
Share with:

බටහිර ෂින්ජියං උයිගුර් ජාතික ස්වායත්තයේ පිහිටි හාමි පැණි කොමඩු නිසා ප්‍රසිද්ධ හාමි නගරය මූළු චීනයේම ඉතා පැරණි නගරයක්. මෑත වසර කිහිපය තුළ එම නගරයේ කෘෂිකාර්මික තාක්ෂණ ජාතික කලාපය ඉදි කිරීම් කටයුතු කඩිනම් කරනු ලැබූවා. තාක්ෂණය ඉහළ නැංවීම හරහා කෘෂිකර්මය දියුණු කරමින් ග්‍රාමීය වැසියන්ගේ ආදායම වැඩි වීමට සහ ඔවුන්ගේ ජීවිතයේ ගුණාත්මකභාවය යහපත් කරවීමට හාමි නගරය උත්සහ දරනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ 2017 වසරේ එහි පස් රහිත වගා කිරීමේ තාක්ෂණ ආදර්ශන මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම. සීත සෘතු කාලයේ එම මධ්‍යස්ථානය නිෂ්පාදනය කරන එළවළු ජනතාවගේ කෑම මේසය පෙර නොවූආකාරයෙන් වර්ණවත් කළා.

එය හාමි නගරයේ කෘෂිකාර්මික තාක්ෂණ ජාතික කලාපයේ පිහිටි මධ්‍යස්ථානයයි. එහි වසර 20ක කාලයක් සේවය කළ තාක්ෂණ ශිල්පියා Chen Bing මහතා මෙසේ පැවසුවා.

“සීත සෘතුවේ ෂින්ජියං ස්වායත්තයේ නැවුම් එළවළු ඉතා අඩුයි. ජනතාවගේ කෑම බීම වර්ග වැඩි කිරීම සඳහා පසුගිය 2017 වසරේ සිට අපේ මධ්‍යස්ථානය නව එළවළු වර්ග වගා කරමින් සුදුසු බීජ තෝරා ගත්තා. ඉන් පසු අපි එවැනි බීජ ගැමියන්ට හඳුන්වා දීම නිසා දැන් ඔවුන් එළවළු වගා කරනවා.” දැන් සීත සෘතුවේ ජනතාවට අවශ්‍ය නැවුම් මෙන්ම දූෂ‍ණයෙන් තොර එළවළු සැපයීමට හාමි ප්‍රදේශයට හැකිව තිබෙනවා.

පස් රහිත වගා තාක්ෂණ ආදර්ශන මධ්‍යස්ථානය පිහිටි හාමි කෘෂිකාර්මික තාක්ෂණ ජාතික කලාපය චීන රජයේ විශේෂ ලක්ෂණ සහිත, ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු කෘෂිකර්මය සංවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක කළ තාක්ෂණ ව්‍යාපෘතියක්. සමස්ත භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 93කින් යුත් එම කලාපයේ රටඉඳි, මිදි, කපු සහ හාමි පැණි කොමඩු යන බෝග වගා කෙරෙනවා. ඉතා දියුණුම තාක්ෂණ පර්යේෂණ ප්‍රතිඵල හා නව ප්‍රායෝගික තාක්ෂණය එම කලාපයතුළ ක්‍රියාත්මක කෙරෙනවා.

හාමි කෘෂිකාර්මික තාක්ෂණ ජාතික කලාපයේ සාර්ථකත්වය

හාමි කෘෂිකාර්මික තාක්ෂණ ජාතික කලාපයේ සාර්ථකත්වය

හාමි කෘෂිකාර්මික තාක්ෂණ ජාතික කලාපයේ සාර්ථකත්වය

හාමි කෘෂිකාර්මික තාක්ෂණ ජාතික කලාපයේ සාර්ථකත්වය

හාමි කෘෂිකාර්මික තාක්ෂණ ජාතික කලාපයේ සාර්ථකත්වය

හාමි කෘෂිකාර්මික තාක්ෂණ ජාතික කලාපයේ සාර්ථකත්වය

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන