ජාත්‍යන්තර පුනරුත්ථාපන සංවිධානයේ කැපවීම් දායකත්ව සම්මාන එළි දැක්වේ
2019-11-18 10:21:50
Share with:

ජාත්‍යන්තර පුනරුත්ථාපන සංවිධානයේ කැපවීම් දායකත්ව සම්මාන එළි දැක්වේ

ගෝලීය ආබාධිතභාවය හා සෞඛ්‍ය පුනරුත්ථාපන ක්ෂේත්‍රයේ“නොබෙල් සම්මානය”නමින් හඳුන්වන ජාත්‍යන්තර පුනරුත්ථාපන සංවිධානයේ කැපවීම් දායකත්ව සම්මාන පසුගියදා එළි දැක්වුනා.

ජාත්‍යන්තර පුනරුත්ථාපන සංවිධානයේ කැපවීම් දායකත්ව සම්මාන ඇගයීම් කමිටුව ප්‍රකාශ කළේ, 2019 වසරේ එම සම්මානය 73වැනි එක්සත් ජාතීන්ගේ මහා සම්මේලන සභාපතිනි Bernardo Espinosa මහත්මියට පිරිනමන බවයි. ලොව පුරා ආබාධිත පුද්ගලයන්ගේ සංවර්ධනය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ඉටු කර ඇති සේවය සලකා එම සම්මානය ඇයට පිරිනමා තියෙනවා. එවගේම වසර 50 කට වැඩි කාලයක් පුරා 40කට වැඩි රටවල අන්ධ රෝගීන් සඳහා කර්ණිකා පරිත්‍යාග කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර පුනරුත්ථාපන සංවිධානය පුනරුත්ථාපන දායකත්ව සම්මානය ශ්‍රී ලංකා ජාත්‍යන්තර අක්ෂි බැංකුවට ද පිරිනැමුවා. දශක ගණනාවක් තිස්සේ දුෂ්කර කාලවලදී බිහිරි හා ගොළු දරුවන්ට අධ්‍යාපනය ලැබීමට උපකාර කිරීම සඳහා ජාත්‍යන්තර පුනරුත්ථාපන සංවිධානය මානව ශාස්ත්‍ර දායකත්ව සම්මානය ඉතියෝපියානු ඇල්ෆා බිහිරි හා ගොළු පාසල වෙත පිරිනැමුවා.

ජාත්‍යන්තර පුනරුත්ථාපන සංවිධානය ස්ථාපිත වුනේ 1922 වසරේදීයි. එය වසර 100 කට ආසන්න ඉතිහාසයක් ඇති ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක්. ආබාධිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ සමාජ ඒකාබද්ධතාව ප්‍රවර්ධනය කිරීමට එය කැපවී සිටිනවා. එම සංවිධානයේ සාමාජිකයන් 100කට වැඩි රටවල හා ප්‍රදේශවල සිටිනවා. මානවහිතවාදයේ උපදේශක සංවිධානයක් ලෙස, ආබාධිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ සමාජීය සාධාරණය ප්‍රවර්ධනය කිරීමට එම සංවිධානය වැදගත් දායකත්වයක් ලබා දී තියෙනවා.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන