මාර්ග විවෘත වීම හරහා ගොඩනැ‍ගෙන ජනතාවගේ හදවත් බැඳීම
2019-11-18 09:16:23
Share with:

මාර්ග විවෘත වීම හරහා ගොඩනැ‍ගෙන ජනතාවගේ හදවත් බැඳීම

ශ්‍රී ලංකාවේ දක්ෂිණ අධිවේගී මාර්ගය දිගු කිරීමේ පළමු කොටස භාවිතයට පත් කිරීම සඳහා සහතික පත්‍රය බාරදීමේ උත්සවය පසුගිය 9වැනිදා පැවැත්වුනා. චීන ගුවන් සේවා තාක්ෂණ ජාත්‍යන්තර ඉංජිනේරු සංස්ථාව එම කොටස ඉදි කිරීමේදී ඉතා දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා. එම කොටස භාවිතයට පත්කිරීම එම මාර්ගය සමස්ත වශයෙන් විවෘත කිරීමට වැදගත් සහතිකයක්.

ශ්‍රී ලංකාවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ දික් කිරීම් සිදු කරන කොටසේ දිග කිලෝමීටර් 96ක්. ඊට කොටස් 4ක් ඇතුළත්. මේ වසරේ අගෝස්තු මාසයේ චීන වරාය ඉංජිනේරු සමාගම ඉදි කළ එම මාර්ගයේ 4වැනි කොටස සම්පූර්ණ කිරීම පිළිබඳ පරීක්ෂාව සම්මත වුනා. චීනයේ තවත් සංස්ථාවක් ඉදි කළ 3වැනි කොටස මේ වසරේ ජූලි මාසයේ නිල වශයෙන් භාවිතයට පත් වුනා. ලබන වසරේ එම මාර්ගයේ ‍2වැනි කොටස සම්පූර්ණ කිරීමත් සමඟ සමස්ත මාර්ගය භාවිතයට පත් වනු ඇති.

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ අසංගා මහතා මාධ්‍ය අමතමින් චීනය ශ්‍රී ලංකාවේ දක්ෂිණ අධිවේගී මාර්ග ව්‍යාපෘතියට ණය සපයා දෙමින් ඉදිකිරීමට විශාල උත්සාහයක් කැපකිරීම සම්බන්ධයෙන් ස්තුතිය පළ කළා.

ශ්‍රී ලංකාවේ දක්ෂිණ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය, චීනය හා ශ්‍රී ලංකාව “එක් තීරයක් එක් මාවතක්”පොදුවේ සංවර්ධනය කිරීමේ වැදගත් ව්‍යාපෘතියක් මෙන්ම ශ්‍රී ලංකාවේ වැදගත් සංවර්ධනීය ව්‍යාපෘතියක් වෙනවා. එම මාර්ගය බස්නාහිර හා දකුණු වෙරළාසන්න ප්‍රදේශ විශේෂයෙන් හම්බන්තොට ප්‍රදේශය සම්බන්ධ කිරීමේ වැදගත් ප්‍රවාහන මාර්ගයක්. එම මාර්ගය භාවිතයට පත් වීමෙන් පසු කොළඹ නගරය හා හම්බන්තොට වරාය ප්‍රදේශය අතර ගමන් කාලය වර්තමාන පැය 4 සිට පැය දෙකක් දක්වා අඩු වනු ඇති.

එම මාර්ගය විවෘත කිරීම එම ප්‍රදේශයේ ගමනාගමනයට වඩාත් පහසුකම් සපයා දෙමින් දකුණු කලාපීය ආර්ථික පුනර්ජීවනයට වැදගත් අර්ථයක් එක් කරනවා.

“එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ යටතේ ඒ ඒ මහමාර්ග ව්‍යාපෘති ඒ ඒ රටවල සම්පූර්ණ කිරීම, මාර්ග පමණක් නොව ජනතාවගේ හදවත් ද සම්බන්ධ කොට තියෙනවා. “හුවමාරුව”යනු භාණ්ඩ පමණක් නොව වඩා හොඳ ජීවිතයක් සඳහා වන පොදු ලුහුබැඳීමයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන