“ආකර්ෂණීය සේද මාවතේ සංස්කෘතික චාරිකාව”ඉතාලියේ Florence නගරයේදී පැවැත්වේ
2019-11-18 10:16:43
Share with:

“ආකර්ෂණීය සේද මාවතේ සංස්කෘතික චාරිකාව”ඉතාලියේ Florence නගරයේදී පැවැත්වේ

“ආකර්ෂණීය සේද මාවතේ සංස්කෘතික චාරිකාව” යන කලා සංදර්ශනය පසුගියදා ඉතාලියේ Florence නගරයේදී පැවැත්වුනා. එම සංදර්ශනය චීනයේ ගැන් සු පලාතේ නැටුම් ගැයුම් රඟහලේ කලා ශිල්පින් විසින් ඉදිරිපත් කරනු ලැබුවා.

“සේද මාවත” එම සංදර්ශනයේ ප්‍රධාන තේමාවයි. “බෝධිසත්ව ෂුවන්සන්” “මාකෝ පෝලෝ”යනාදී තනු නිර්මාණවලින් පෙරදිග හා බටහිර සංස්කෘතික හුවමාරුවල පණිවුඩකරුවන්ගේ සිත් ඇද ගන්නාසුලු කථාවන් විචිත්‍රවත් ව එහිදී විදහා දැක්වුනා. එවගේම එහිදී ඉදිරිපත් කෙරුණු “කැලෑ පාත්තයන්”නමැති ගීතය සහ “හිම බිමේ ගීතය”නමැති සාමූහික නැටුම් යනාදී සංදර්ශනවලින් බටහිර චීනයේ විවිධ ජාතීන්ගේ විශේෂ සංස්කෘතික ආකර්ෂණය පෙන්නුම් කෙරුණා. ඉතාලියේ ප්‍රාටෝ නගරයේ සංස්කෘතික අධ්‍යක්ෂ මංගානි මහතා පැවසුවේ මෙම සංදර්ශනය සිත් ඇදගන්නා සුළු පමණක් නොව ප්‍රේක්ෂකයන්ගේ චිත්තවේගී අනුනාදයට ඉඩ සලසන බවයි.

වසර දහස් ගණනක් තිස්සේ චීනයට නිරන්තරයෙන් ලෝකයේ සෑම ප්‍රදේශයකටම පණිවුඩකරුවන් පැමිණ ඇති අතර ඉතාලිය මාකෝ පෝලෝගේ උපන් ගම බැවින් චීන හා ඉතාලි දෙරටේ ජනතාවට පොදු ලක්ෂණ තිබෙන බව මංගානි මහතා පැවසුවා. චීනය විශාල රටක්. චීනයේ ජාතීන් රැසක් දීර්ඝ කාලීනව සමගි වී ජීවත් වෙනවා. ඉතාලිය එයින් ඉගෙන ගත යුතු බව මංගානි මහතා පැහැදිලි කළාය.

“එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ ඉතාලියේ ක්‍රමයෙන් ගැඹුරු වීමත් සමඟ පැරණි කාලයේ චීනයේ චාං ඇන් හා ඉතාලියේ රෝමය සම්බන්ධ කළ පුරාණ සේද මාවත වර්තමානයේ නව ජීව ශක්තියක් නැවත මතු වී තියෙනවා. එම ප්‍රදර්ශනයට එක් වූ ඉතාලියේ ව්‍යාපාරිකයෙකු වන Campinoti මහතා පැවසුවේ, එම ප්‍රදර්ශනය ඉතාලි චීන දෙරට අතර සංස්කෘතික හුවමාරුවේ සන්ධිස්ථානයක් බවයි. දෙපාර්ශ්වය විද්‍යා හා තාක්ෂණ, ආර්ථික හා වෙළඳ යනාදී ක්ෂේත්‍රවල වඩා සම්බන්ධතා පවත්වනු ඇතැයි බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කළා. “එක් තීරයක් එක් මාවතක්”නව යුගයේ ප්‍රධාන තේමාව බවට පත්වනු ඇති අතර දෙරට අතර සම්බන්ධතාවය වඩාත් සමීප වනු ඇතැයි අවංකවම බලාපොරොත්තු වන බව ද Campinoti මහතා වැඩිදුරටත් පැවසුවා.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන