අපේ පෘථිවිය එකම පවුලක් සේ ආරක්ෂා කරන්න
2019-11-11 15:57:49
Share with:

කොළඹ නගරය හා වයඹ සහ උතුරු පළාත්වල වායු ගුණාත්මක දර්ශකය තරමක් පහළ ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පසුගිය දා වාර්තා කළා.

එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා පැවසුවේ මේ වනවිට එම දර්ශක අගය 120 ක් ලෙස සටහන් වන බව යි.

සාමාන්‍යයෙන් කොළඹ නගරය ආශ්‍රිත වායු ගුණාත්මක දර්ශක අගය 40ට අඩු විය යුතු යි.

ආසියාවේ රටවල් රැසකින් මේ දිනවල එවැනි තත්ත්වයක් වාර්තා වී ඇතැයි ද සරත් ප්‍රේමසිරි මහතා පෙන්වා දුන්නා.

ඉන්දියාවේ නවදිල්ලි නුවර ආශ්‍රිතව පවතින වායු දූෂණ තත්ත්වය සුළං ප්‍රවාහය සමග පැමිණීමෙන් වායු ගෝලයේ ඇති දුවිලි අංශු ප්‍රමාණය ඉහළ යාම ඒ කෙරෙහි බලපා ඇතැයි ද ඔහු සඳහන් කළා.

පරිසරය, මානව ජාතිය ජීවත් වීමේ මූලික සාධකයක්. ජෛව පරිසර සුරැකීම මානව ජාතිය සුරැකීමක්. නූතන කර්මන්ත සංවර්ධනයත් සමඟ ම පරිසර දූෂණය දිනෙන් දින ම උග්‍ර වෙමින් පවතිනවා. පරිසරය නිසි පරිදි ආරක්ෂා කිරීම මානව පැවැත්මට තීරණාත්මක බව ජගත් ප්‍රජාව දැන ගෙන තිබෙනවා. තනි රටක් විතරක් නෙමෙයි කලාපීය වශයෙන් ගෝලීය වශයෙන් ජෛව පරිසරය රැක බලාගත යුතුයි. රටක ඇති වූ පරිසර දූෂණ තත්වය අසල් වැසි රටවල් වලට පැතිර යාමේ අවදානමක් පවතිනවා. පරිසර ආරක්ෂාව ජාත්‍යන්තර වගකීමක් බවට පත් වී තිබෙනවා. සෑම ජීවයක් අගය කරන සේ අපේ පෘථිවිය අප ආරක්ෂා කළ යුතුයි.

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන