මාංශ රසැති නිර්මාංශ ආහාර
2019-11-08 10:09:38
Share with:

හැම කෙනෙකුටම තමාගේම ආහාර පිළිබඳ විශේෂ රුචිකත්වයන් තිබෙනවා. ඒ අතරින් නිර්මාංශ ආහාර ගන්න කැමති පිරිස ශ්‍රීලංකාවේ වගේම චීනයේත් ඉන්නවා. දැන් එම පිරිසට හොඳ ආරංචියක් තිබෙනවා. ශාඛ වර්ගවලින් සෑදූ මාංශ රසැති ආහාර වර්ග මෑතකදී චීනයේ ආහාර පිරිසැකසුම් සමාගමක් එළිදැක්වුවා.

සෝයා බෝංචි, තිරිඟු හා ඇට වර්ගවලින් සමන්විත එම ආහාර නිෂ්පාදිතය අමිශ්‍ර ශාඛ ආහාර වර්ගයක්. එම නිෂ්පාදිතය එළිදැක්වූයේ චීනයේ ‘ච ජියං’ පළාතේ ‘ජින්ට්ස්’ නම් ආහාර පිරිසැකසුම් සමාගමයි. දැන් එම මාංශ රසැති නිර්මාංශක ආහාර නිෂ්පාදන ධාරිතාව දිනකට ටොන් 5ක්. විවිධ මාංශ වර්ගවල රස ඇති වෙනස් නිෂ්පාදිත එළිදැක්වීමටත් හැකි වී තිබෙනවා. ආහාර නිෂ්පාදන අවසර පත්‍රය හිමි වීමෙන් විද්‍යුත් වේදිකාව දියත් කොට දින 9ක් ඇතුලත එහි සියළු නිර්මාංශ ආහාර 1000ක් පමණ අලෙවිය අවසන් වී තිබෙනවා.


ඇත්ත වශයෙන් ම මෙම මාංශ රසැති නිර්මාංශක නිෂ්පාදිතය එළි දක්වා ඇත්තේ චීනයේ පමණක් නෙවෙයි. මීට පෙර ඇතැම් ඇමරිකානු සමාගම් මාංශ රසැති නිර්මාංශක ‘සැන්ඩ්විච්’, ‘ෆ්රයිඩ් කුකුල් මස්’, ‘හැම්බර්ග්ස්’ වගේ නව්‍ය නිර්මාංශක ආහාර වර්ග එළිදක්වා තිබුණා. ඒ සඳහාත් විශාල පරිභෝජන අවධානයක් හිමි වුණා. Markets and Markets නම් වෙළෙඳපොල පර්යේෂණ හා උපදෙස් ආයතනයේ ඇගයීමට අනුව, මෙම වසරේ මාංශ රසැති නිර්මාංශක නිෂ්පාදිත සඳහා ලොව පුරා අවශ්‍යතාව පිළිබඳ වෙළෙඳපොළේ වටිනාකම ඇ.ඩො. බිලියන 12.1ක්. වසර 2025 වන විට එය ඇ.ඩො. බිලියන 27.9 දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතිනවා.

මාංශ රසැති නිර්මාංශක ආහාර මාංශ ආහාර ආදේශ කොට මානවයන්ගේ පැවැත්මට ගුණාත්මක ප්‍රෝටීන සකස් කළ හැකියි. මාංශ ආහාර මත මානවයන්ගේ යැපීම අවම වීමත් සමගම පරිසර දූෂණය අඩු කිරීමටත් ලෝකයේ අඛණ්ඩ සංවර්ධනයටත් එය හේතු වනු ඇතැයි විශ්වාස කරනවා.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන