දීර්ඝායු භුක්ති විඳින හයි නන් වැසියන්
2019-11-08 10:06:11
Share with:

දීර්ඝායු භුක්ති විඳින හයි නන් වැසියන්

චීනයේ හයි නන් දූපත ශ්‍රී ලංකාව වගේ නිවර්තන කලාපයේ පිහිටා තිබෙන සුන්දර දූපතක්. එහි වපසරිය දිවයිනේ වපසරියෙන් අඩක්. ජනගහණය මිලියන 9.3ක් විතර. දැන් එම දූපතේ දීර්ඝ ආයුෂ කාලය හිමි වියපත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහල යමින් පවතින බව වාර්තාවක් පෙන්වා දෙනවා.     

එම වාර්තාවට අනුව හයි නන් දූපතේ වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන්ගේ සංඛ්‍යාව මිලියන 1.4ක් වන අතර එය සමස්ත හයි නන්හි ජනගහණයෙන් සියයට 15ක්. අසූ වියේ පසු වන වියපත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 3ක්. අවුරුදු 100 පසු වූවන්ගේ සංඛ්‍යාව 2200ක් පමණ. මේ නිසා දීර්ඝ ආයුෂ භූමිය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය නියම කළ ප්‍රමිතිය අභිබවා ඇති හයි නන් දූපත ලෝකයේ දීර්ඝ ආයුෂ දූපත ලෙස නම් කළොත් එය අතිශයෝක්තියක් නෙවෙයි.

හයි නන් දූපත් වැසියන්ට දිගු ආයුෂ කාලයක් භුක්ති විඳීමට සාධක රැසක් තිබෙනවා. එහි වන ආවරණ අනුපාතය සියයට 62.1ක්. ස්වභාවික ජල සම්පත ඉතා පාරිශුද්ධ තත්ත්වයක පවතිනවා. පස් තුළින්, ඛනිජ සම්පත්වලින් පොහොසත්.විශේෂයෙන් සලීනියම් නම් ද්‍රව්‍ය වැඩියි.

යහපත් ස්වභාවික පරිසරය හැරුණු විට මනා ලෙස වියපත් පුද්ගලයින්ට සැලකීම ද වැදගත් සාධකයක්. හයි නන් රජය මෑතකදී සිය වැනි වියේ පසු වන වියපත් පුද්ගලයන්ට මාසික දීමනාව යුවාන් 300ක සිට 500 දක්වා වැඩි කළා. සමස්ත වයස අවුරුදු 80ට වැඩි පුද්ගලයන්ට දීමනා ක්‍රමයක් ද ආරම්භ කර තිබෙනවා. මේ අතර සරුසාර විනෝද ක්‍රියාවලට යොමු කරවීම, වියපත් අයගේ කැමැත්තට අනුව ශ්‍රම වැඩ සඳහා අවස්ථාව සලසා දීම, සමාජය ඔවුන්ට පූර්ණ සැලකිල්ල දැක්වීම යනාදී සාධක හයි නන් දූපතේ වියපත් වැසියන්ගේ දීර්ඝ ආයුෂ කාලයට හේතු වී තිබෙනවා.

දීර්ඝායු භුක්ති විඳින හයි නන් වැසියන්


ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන