දෙවැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේදී චීන ජනාධිපතිවරයා කළ දේශනයට ඉහළ පැසසුම්
2019-11-07 16:14:04
Share with:

පසුගිය දා පැවති දෙවැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය ඇමතු චීන ජනාධිපතිවරයා ආර්ථික ‍ගෝලීයකරණය සම්බන්ධයෙන් යෝජනා කිහිපයක් ඉදිරිපත් කළා. විවෘත සහයෝගතා, පොදු ඉරණම නමැති දේශනය සිදු කර ඉතිහාසය පදනම්ව මානව ප්‍රමුඛ උන්නතාංශයේ සිට ඔහු ආයාචනා ඉදිරිපත් කර තිබෙනවා. චීනය අඛණ්ඩව වඩාත් ඉහළ මට්ටමකින් විදේශයන්ට විවෘතභාවය ක්‍රියාත්මක කිරීම සඳහා වූ පියවර මාලාවක් ද එම අවස්ථාවේදී ප්‍රකාශයට පත් කෙරුණා.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා කළ කථාව‍ මෙවර ආනයන ප්‍රදර්ශනයට පැමිණි අමුත්තන්ගේ අවධානයට ලක් වුණා. තම පලප්‍රයෝජනය මානව අයිතිය අභිබවා නොයා යුතුයි, අත් බුරුල් කිරීම වෙනුවට අත්වැල් බැඳ ගත යුතුයි, බැමි ඇති කිරීම වෙනුවට ඉවත් කළ යුතුයි, චීන වෙළඳ පොළ විශාලයි, එන්න බලන්න යන්න ආදී වශයෙන් චීන ජනාධිපතිවරයා පැවසූ විශේෂ වාක්‍ය පුළුල් පැසුසමට ලක් වුණා.

ඉන්දුනීසියානු සාගර හා ආයෝජන සම්බන්ධීකරණ ඇමති Luhut Binsar Panjaitan සඳහන් කළේ චීන ජනාධිපතිවරයා ඒකපාර්ශ්වවාදය වෙනුවට බහුපාර්ශ්වවාදය හා අන්‍යෝන්‍ය යහපත් චින්තනය වැදගත් කොට සලකන බවයි. එමගින් ඔහුගේ විශ්ව දැක්ම මෙන්ම චීනය ජාත්‍යන්තර වේදිකාවේ දී හිමි නායකත්වය ද පිළිබිඹු කෙරෙනවා.

ෂී ජින් පිං මහතාගේ දූරදර්ශී කථාව නිදහස් විවෘත ආර්ථිකයක් බිහි කිරීමට ප්‍රබල නායකත්වයක් බව ජපානයේ Toyota Tsusho සංස්ථාවේ සභාපති Ichiro KASHITANI පෙන්වා දුන්නා. විශේෂයෙන් ම ඔහු සඳහන් කළේ මානව ප්‍රමුඛත්වය අගය කළ යුතු අතර තමන්ගේ පලප්‍රයෝජනය මානව ජාතිය ඉහළ තබා නොගත යුතු යැයි චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි. තමන් ඊට අනුකූලතාව දක්වන බව ඔහු පැවසුවා.

පිලිපීන වාණිජ හා කර්මාන්ත ඇමති Ramon Lopez ප්‍රකාශ කළේ චීනය ලෝකයේ වේගවත් ම ආර්ථික ඒකකය මෙන්ම ලෝක ආර්ථික ඒකාබද්ධකරණ ක්‍රියාදාමයෙහි ප්‍රමුඛයා බවයි. චීනය විදේශයන්ට විවෘතභාවය සක්‍රිය ලෙස ඉදිරියට ගෙන යාමෙන් විදේශ නිෂ්පාදිතයන් වැඩි වැඩියෙන් චීන වෙළඳ පොළට ප්‍රවේශ වෙමින් පවතිනවා. එය ලෝක වෙළඳාමට සමතුලිතතාවක්. චීනය ආනයන ප්‍රදර්ශන දෙකක් අඛණ්ඩව පැවැත්වීමේ අර්ථය ද මෙය වන බව ද හෙතෙම සඳහන් කළා.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන