චීනයේ අධ්‍යාපනය ලබා ගුරුවරියක් බවට පත්ව සිටින කොරියානු සහෝදරියක්
2019-10-31 11:24:52
Share with:

චීනයේ අධ්‍යාපනය ලබා ගුරුවරියක් බවට පත්ව සිටින කොරියානු සහෝදරියක්

චීන ගුරුවරුන් පිරිස අතර, විශේෂ පිරිසක් දැකිය හැකියි. ඒ චීනයේ පදිංචි වී සිටින විදේශ ගුරුවරුන්.

1993 වසරේ සරත් ඍතු කාලය තුළ, Jeon Sujung දකුණු කොරියාවේ Seoul නගරයේ සිට චීනයේ බෙයිජිං නගරයට පැමිණියා. බෙයිජිං භාෂාව හා සංස්කෘතිය පිළිබඳ විශ්ව විද්‍යාලයේ චීන භාෂාව හැදෑරීම ඇයගේ ප්‍රධාන අරමුණක් වී තිබුණා.

එහිදී, විශේෂ උපාධිය හා පශ්චාත් උපාධිය ඇය සාර්ථකව ලබා ගත්තා. ඉන් පසු Jeon Sujung තම රටට ආපසු ගියා. ඒ වුණත් ඇයගේ ව්‍යායාමය තවමත් චීනය හා සම්බන්ධ වී තිබුණා. එකල ඇයගේ ගුරුවරිය ඇය දිරිමත් කළා චීන ග්‍රන්ථ පරිවර්තනය කිරීමට. එතැන් සිට චීන ග්‍රන්ථ පරිවර්තනය කිරීමේ අභිලාෂයක් ඇයගේ සිතේ තිබුණා. ඉන් පසු අකුරු ලක්ෂ 4කින් යුක්ත Hong Wa යන චීන ග්‍රන්ථය පරිවර්තනය කිරීමට ඇය පටන් ගත්තා. වසර 2ට පසු, Jeon Sujung තමන්ගේ රටේ, ඒ කියන්නේ දකුණු කොරියාවේදී තමන්ගේ පළමු පරිවර්තන කෘතිය එළි දැක්වුවා.

චීන ග්‍රන්ථ පරිවර්තනය කිරීම ඇය නතර කළේ නැහැ. මේ වන විට, චීන ග්‍රන්ථ 40කට වැඩි සංඛ්‍යාවක් ඇය පරිවර්තනය කිරීමට සමත් වී තිබෙනවා. පසුගිය ජුනි මාසයත් අගෝස්තු මාසයත් අතර කාලය තුළ, තමන්ගේ පරිවර්තන කෘති රැගෙන ඇය දකුණු කොරියාවේ තැන් තැන්වලට ගොස් දේශන පවත්වමින් චීන සංස්කෘතිය ප්‍රචලිත කළා.

පරිවර්තන ගැටළු නිරාකරණය කිරීම සඳහා 2012 වසරේ Jeon Sujung බෙයිජිං භාෂාව හා සංස්කෘතිය පිළිබඳ විශ්ව විද්‍යාලයට ආපසු පැමිණියා. එතැන් සිට ගුරුවරියක් ලෙස ඇය එහිදී කටයුතු කිරීමට පටන් ගත්තා. කොරියානු භාෂාව, කොරියානු සාහිත්‍යය, නිබන්ධන රචනා කිරීම ඇතුළු පාඨමාලා ඉගැන්වීම ඇයට පැවරී තිබෙනවා. ගෙවී ගිය වසර 7 තුළ, ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල පිරිසක් පෝෂණය කිරීමට ඇයට හැකි වී තිබෙනවා. පසුගිය දා, ඇයගේ ශිෂ්‍යයෙක් චීනයේ පැවැත්වූ ජාතික මට්ටමේ කොරියානු භාෂා කථික තරඟාවලි‍යකින් පළමුවැනි ස්ථානය ලබා ගැනීමට සමත් වුණා. මේ ගැන ඇයට ලොකු සතුටක් දැනුණා.

Jeon Sujung පැවසුවා චීනයේ ඉගැන්වීමේ කටයුතුවල නිරත වූ පළමු දා සිට තමන්ගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දිනෙන් දින ම දියුණුව ලබමින් සිටිනවා දකින විට, පෙර කාලයේ එම විශ්ව විද්‍යාලයේ අධ්‍යයනය කළ තමාව දකිනවා වගේ හැඟීමක් තමන්ට ඇති වන බව. ශිෂ්‍යයන්ට ඉගැන්වීමේදී තමන්ගේ පෙර චීන ගුරුවරුන් වගේ උනන්දුවෙන්, දැඩි අවධානයෙන් යුතුව ඉගැන්විය යුතුයි. මෙය තමා භාර ගත යුතු වගකීමක් බව Jeon Sujung සඳහන් කළා.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන