කාම්බෝජයේ විශාලතම සහල් අපනයනකරු චීනයයි
2019-10-31 14:13:49
Share with:

“චීන ආහාරත් එක්ක කාම්බෝජයේ බත් කන විට හරිම රසයි! කාම්බෝජයේ සහල් චීනයෙ‍් තවත් ජනප්‍රිය වන බව මම විශ්වාස කරනවා.” කාම්බෝජයේ සහල් සංගමයේ සභාපති Thongsaran මහතා පසුගිය දා මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකට එක්‍ වෙමින් මේ බව ප්‍රකාශ කළා.

‍ඔක්තෝබර් මාසය කාම්බෝජයේ නව සහල් අස්වැන්න නෙළන කාලයක්. Tonle Sap වැව අසල ඉතා විශාල කුඹුරු බිම් කාම්බෝජයේ මෙන්ම මුළු මධ්‍යම- දකුණු අර්ධද්වීපයේ වැදගත් ධාන්‍ය සැපයුම් මධ්‍යස්ථානය ලෙස හඳුන්වන්න පුළුවන්. එළඹෙන 5 වැනි දා සිට 10 වැනිදා දක්වා ශන්හැයි හිදී පැවැත්වීමට නියමිත 2 වැනි චීන ආනයන ප්‍රදර්ශනයට කාම්බෝජයේ සහල් අපනයන ව්‍යවසායන් 13 ක් සහභාගි වනු ඇති බව Thongsaran මහතා සඳහන් කළා.

මෙවර ප්‍රදර්ශනය ප්‍රයෝජනයට ගනිමින් කාම්බෝජයේ ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සහල් චීනයට හා ජාත්‍යන්තර වෙළඳපොළට යොමු කිරීමට කාම්බෝජයේ සහල් අපනයන ව්‍යවසායන් සුදානම් වෙනවා. මෙවර ප්‍රදර්ශනය හරහා ස්වභාවික හා දූෂිත නොවූ කාම්බෝජයේ සහල් චීන ජනතාවට හඳුන්වා දීමට අපේක්ෂා කෙරෙන බව හෙතෙම පැවසුවා.

පළමු වැනි චීන ආනයන ප්‍රදර්ශනයට එක්වීමෙන් පසු කාම්බෝජය චීනයට සහල් අපනයන කිරීමේ ප්‍රමාණය කැපීපෙනෙන ලෙස වර්ධනය වී තිබෙනවා. මේ වසරේ මුල් මාස 9 තුළ කාම්බෝජය චීනයට සහල් ටොන් ලක්ෂ 1.57ක් අපනයනය කළා. එය පසුගිය වසරේ සමාන කාලය හා සැසඳිමේදීසියයට 44ක වැඩි වීමක්. එය කාම්බෝජය අපනයන කරන සමස්ත සහල් ප්‍රමාණයෙන් සියයට 39ක්. දැනට චීනය, කාම්බෝජයේ සහල් අපනයන කිරීමේ විශාලතම වෙළඳපොළ බවට පත් වී තිබෙනවා.

කාම්බෝජයේ විශාලතම සහල් අපනයනකරු චීනයයි

කාම්බෝජයේ විශාලතම සහල් අපනයනකරු චීනයයි

කාම්බෝජයේ විශාලතම සහල් අපනයනකරු චීනයයි

Jia/Sheng

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන