භාෂාව ඇසුරින් දිළිදුකම තුරන් කිරීම
2019-10-31 14:21:47
Share with:

චීන ගැන්සූ පළාතේ ලින්ෂ්‍ය ස්වායත්තය චීනයේ දරුණු දිළිඳු ප්‍රදේශයක්. ස්වභාවික සම්පත් ඉතා හිඟව පවතින එම ප්‍රදේශයේ දිළිඳුකම තුරන් කිරීමේදී බොහෝ අසීරුතා වලට මුහුණු දීතිබෙනවා. මෑත වසර කිහිපය තුළ භාෂා අධ්‍යාපනය නිසා එහි ග්‍රාමීය ජනතාව දිළිඳුකමින් මුදවා ගැනීමේ වේගය කඩිනම් කෙරුණා. පසුගිය දා බෙයිජිංහි දීපැවති චීනයේ භාෂාව ඇසුරින් දිළිඳුකම තුරන් කිරීම සහ මානව දිළිඳුකම තුරන් කිරීම පිළිබඳ සාකච්ඡා මණ්ඩපයට එක්වූ Wang Juan මහත්මිය එහි තත්ත්වය අපිට පැහැදිලි කළා. ලින්ෂ්‍ය ස්වායත්තයේ භාෂාව හා අක්ෂර පිළිබඳ කමිටුවේ අධ්‍යක්ෂිකාව ලෙස ඇය රාජ සේවය කරනවා.

“ලින්ෂ්‍ය ස්වායත්තයේ බහු ජාතික ජනතාව එක්ව ජීවත්වන ප්‍රදේශයක්. අපි මූලින්ම ඉතා දිළිදු Dong Xiang කෝරළයේදී ප්‍රමිතිගත චීන භාෂාව හෙවත් Mandarin කියන චීන භාෂාව පිළිබඳ පුහුණුවක් පැවැත්වූවා. එම පුහුණුවෙන් ගම්වැසියන්ගේ භාෂා හැකියාව වගේ ම ඔවුන්ගේ ආත්ම විශ්වාසය සහ උනන්දුව ඉහළ නැංවා තිබෙනවා. එයින් ඔවුන්ගේ දිළිඳුකම තුරන් කිරීමේ හැකියාවත් වර්ධනය කර තිබෙනවා ”

මේ සම්බන්ධයෙන්,බෙයිජිං භාෂා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Li Yuming මහතා ප්‍රකාශ කළේ ප්‍රමිතිගත භාෂාව ප්‍රදේශ අතර පවතින බාධා ඉවත් කර තොරතුරු හා තාක්ෂණය ප්‍රචාරය කිරීමේ ක්‍රමයක් බවයි. එමෙන්ම එය දිළිඳුකම පාරම්පරිකව ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා වැදගත් පදනමක්. ප්‍රමිතිගත භාෂා නිපුණතාව ඉහළ නංවා ගැනීමෙන් භාෂාව ඇසුරින් දිළිදුකම තුරන් කිරීමේ මූලික පියවර හා කේන්ද්‍රීය අත්දැකීමක් බව ඔහු සඳහන් කළා.

මෑත වසර කිහිපය තුළ අදාළ කටයුතු සඳහා චීනය සම්පූර්ණ පද්ධතියක් ස්ථාපිත කරමින් දිළිඳු ප්‍රදේශයන්හි ජනතාවගේ හුවමාරු හැකියාව ශක්තිමත් කර තිබෙනවා. ඔවුන්ගේ ස්වයං රැකියා ස්ථාපිත කිරීම හා රැකියා නියුක්තිය පිළිබඳ අපේක්ෂා තහවුරු කරමින් රැකියා නිපුණතාව කැපීපෙනෙන ලෙස ඉහළ නංවා තිබෙනවා.

භාෂාව ඇසුරින් දිළිදුකම තුරන් කිරීම

Jia/Sheng


ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන