24 වැනි Busan ජාත්‍යන්තර සිනමා උළෙලේදී චීන නිර්මාණකරුවන්ට සම්මාන
2019-10-29 17:03:16
Share with:

24 වැනි Busan ජාත්‍යන්තර සිනමා උළෙල පසුගියදා අවසන් වුණා. ‍දකුණු කොරියාවේ මුල්ම මෙන්ම විශාලත ම සිනමා උළෙල ලෙසට Busan ජාත්‍යන්තර සිනමා උළෙල ආසියාවේ ප්‍රධාන සිනමා උළෙලවලින් එකක්. මෙවර සිනමා උළෙලේදී අලුතින් ආසියානු අන්තර්ගතය නම් සම්මාන මාලාවක් එක් වුණා. මේ අලුත් සම්මානය ආසියානු රූපවාහිනී නාට්‍ය වෙත අවධානය යොමු කෙරෙනවා. ඒ අතරින් චීන රූපවාහිනී නාට්‍ය වැඩි අවධානය හා ආකර්ෂණය හිමි කරගෙන තිබුණා. මේ වසරේ රටවල් 85ක සිනමා නිර්මාණ 300කට වැඩි සංඛ්‍යාවක් සිනමා උළෙලේ ප්‍රදර්ශනය කෙරුණා. ඒ අතරින් සිනමා 120ක් ප්‍රථම වරට ප්‍රදර්ශනය කෙරුණා. Over the Sea, Boluomi, A Road To Spring නම් චීනයේ සිනමා පට තුනක් ඊට ඇතුළත්. මේ සිනමා උළෙලේ පැවැත්වුණු ආසියානු සිනමා වෙළඳපොල නම් ශාඛාව පුළුල් වුණා. ගිය වසරේ රටවල් 23ක සමාගම් 171ක් හා ප්‍රදර්ශන ශාලා 73ක් සිට මේ ව‍සරේ රටවල් 34ක සමාගම් 200ක් හා ප්‍රදර්ශන ශාලා 84ක් දක්වා වර්ධනය වී තිබෙනවා. චීන තරුණ අධ්‍යක්ෂ Jin Xionghao හා නවක නිළියක් වන Zhuang Dafei වෙන් වෙන් ව ආසියානු අන්තර්ගතය නම් සම්මානයේ ‍හොඳ ම අලුත් අධ්‍යක්ෂවරයා හා හොඳ ම නවක නළුවා හෝ නිළිය‍ වෙනුවෙන් පිරිනැමෙන සම්මාන දෙකක් දිනා ගත්තා. චීනයේ ප්‍රකට නළු Lei Jiayin හා නිළි Yaochen වෙන් වෙන් ව හොඳ ම නළුවා හා හොඳ ම නිළිය යන සම්මාන ලබා ගත්තා.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන