අන්තර් ජාතික සංස්කෘතික හුමවාරුව වෙනුවෙන් දායකත්වයක් ලබා දෙන්න කැමති----යුක්රේන ශිෂ්‍යයෙක්
2019-10-24 08:29:16
Share with:

චීනයේ වසර හයක් ඉගෙන ගත් යුක්රේන ශිෂ්‍යයෙකු Kosheliev Oleksandr මේ දිනවල ප්‍රසිද්ධ වී සිටිනවා. ඔහු සහ ඔහුගේ කණ්ඩායම විසින් විදේශිකයන් සඳහා චීනයේ රියැදුරු බලපත්‍රය ලබා ගැනීමේ APP විශේෂයක් සැළසුම් කර නිර්මාණය කළා. මෙම වසරේ මුල් කාලයේ නිෂ්පාදනය කරන ලද්දක් වූ මෙම APPඑක ගත වූ මාස හය තුළ බාගත කිරීමේ ප්‍රමාණය විසි දහසකට වැඩි වී තිබෙනවා. එමගින් විදේශිකයන් දහස් ගනණාවකට චීනයේ රියැදුරු බලපත්‍රය හිමිකර ගැනීමට හැකිවී තිබෙනවා.

අන්තර් ජාතික සංස්කෘතික හුමවාරුව වෙනුවෙන් දායකත්වයක් ලබා දෙන්න කැමති----යුක්රේන ශිෂ්‍යයෙක්

හැවිරිදි 25 Oleksandr අවුරුදු 19දී යුක්රේනයෙන් චීනයට පැමිණ අධ්‍යාපනය ලබා ගැනීම ආරම්භ කළා. මුල් කාලයේ ඔහු චීනයේ හු බේ පලාතේ උ හන් නගරයේ චීන භාෂා විෂය හැදෑරුවා. වසර තුනකින් පසු චීනයේ රියැදුරු බලපත්‍රය ලබා ගැනීමේ අදහසක් ඔහුට ආවා. චීනයේ නීතිරීති අනුව, විදේශිකයන් චීනයේදී රියැදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා රියැදුරන් පිළිබඳ න්‍යාය විභාගයට සහභාගී විය යුතුයි. එය විදේශ අයට අසීරුතාවක් තියෙනවා. මෙවැනි ලිඛිත විභාගයට එක් වීමේ කිසිදු අත්දැකීමක් නොමැති Oleksandr එම විභාගයට සහභාගී වූ ප්‍රථම අවස්ථාවෙදී සාර්ථක වුණේ නැහැ. දෙවැනි අවස්ථාව සඳහා ඔහු දැඩි ලෙස වෑයම් කළා. අන්තර් ජාලයෙන් රුසියා භාෂා පොතක් මිලදී ගෙන හැම දා ම ඉගෙන ගනිමින් උත්සාහ කළා. දෙවැනි වතාවට විභාගයට එක් වූ ඔහුට ලකුණු සීයෙන් සීයක් හිමි වුණා. එම අත්දැකීමේදී වාසි සගහත අවස්ථා ඇති බව ඔහුට හිතුණා. ඒ නිසා 2018 වසරේ සිට වෙළඳ දැන්වීම් නිකුත් කර භාෂා අටකින් ලියවෙන රියැදුරු න්‍යාය පොත් විකුණීමට ඔහු කටයුතු කළා. මාසයකින් පසු, බොහෝ විදේශිකයන්ට ඒ පිළිබඳ අවශ්‍යතා ඇති බව ඔහු දැන ගත්තා.

එම අවශ්‍යතා දැන ගත් ඔහු, යාළුවන් එක්ක, සමාගමක් ස්ථාපිත කළා. Chinese Drivers License Laowai නමැති APP එකක් නිර්මාණය කළා. එම APPඑක විදේශ භාෂා අටකින් සමන්විතයි. චීනයේදී රියැදුරු බලපත්‍රය ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින විදේශිකයන් වෙනුවෙන් සේවය සැපයීම එහි අරමුණයි. විභාග ප්‍රශ්න අභ්‍යාස පුහුණ කිරීමේ විශේෂත්වයක් එමAPP සතුයි.

Oleksandr චීනයේ අවුරුදු හයක කාලයක් ඉගෙන ගෙන තිබෙනවා. දැන් මෙහි ජීවිතයට හුරු පුරුදු වී තිබෙනවා. ඉදිරියේදී අන්තර් ජාතික සංස්කෘතික හුවමාරු වෙනුවෙන් කැපවීමක් වැඩියෙන් ඉටු කිරීම තම සිහිනයක් බව ඔහු සඳහන් කළා.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන