චීන ක්‍රියාමාර්ගය සමෘද්ධි මෙන්ම ප්‍රබල රටක් බවට පත් වීමට මඟ පෙන්වීමක්-- ඉරාන මහාචාර්යෙක්
2019-10-24 15:32:13
Share with:

නව චීනය පිහිටුවා ගතවූ වසර 70 තුළ, දේශපාලන, ආර්ථික, සංස්කෘතික හා සමාජ සංවර්ධනය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල දැවැන්ත ජයග්‍රහණයන් අත් කරගෙන තිබෙනවා. ඉන් සනාථ කර ඇත්තේ චීන ක්‍රියාමාර්ගය සමෘද්ධි මෙන්ම ප්‍රබල රටක් බවට පත් වීමට මඟ පෙන්වීමක් බවයි. ඉරානයේ Allameh Tabataba'i විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ මහාචාර් Gholamali Chegnizadeh මහතා මේ බව සඳහන් කරනවා.

Chegnizadeh මහතා කීප වතාවක් චීනයේ සංචාරය කර තියෙනවා. අද චීනයේ සංවර්ධනය මුළු ලෝකයට ම පුදුම සහගත බව ඔහු පවසනවා. විද්‍යා තාක්ෂණ හෝ සමාජ සංස්කෘතික හෝ සෑම ක්ෂේත්‍රයක් ම ආවරණය වන අංග සම්පූර්ණ සංවර්ධනයක් චීනය ඉෂ්ඨ කර ගත්තා. වසර 20කට කලින් චීනයේ සංචාරයක නිරත වූ හෙතෙම සඳහන් කරන්නේ අද ‍චීනය හා එදා චීනය අහස පොලොව වගේ වෙනසක් සිදු ව ඇති බවයි. සිය ප්‍රබල ශක්තිය පෙන්නුම් කර ඇති චීනය, සිය ඉලක්කය උදෙසා නොකඩවාම ගමන් කරමින් සිටින බව හෙතෙම අවධාරණය කරනවා. චීනය ජගත් ප්‍රජාවේ ඉතා වැදගත් මෙන්ම නොසලකා හැරිය නොහැකි ඒකකයක් බවට පත් වී තිබෙනවා. නව චීනය පිහිටුවීමේ වසර 70ක ගමන් මඟ මගින් සනාථ කර ඇත්තේ රටක් සමෘද්ධිමත් විය හැක්කේ බටහිර රටවල ක්‍රමය විතරක් මගින් නොවන බවයි.

මෙම වසරේ අප්‍රේල් මාසයේ, ඉරානයේ ප්‍රථම චීනය පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය Chegnizadeh මහතාගේ උපදෙස් මත ස්ථාපිත වුණා. ඉන් අනතුරුව චීන ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා සමුළුව සංවිධානය කිරීමට හෙතෙම දායක වුණා. ඉරානයේ රාජ්‍යතාන්ත්‍රික ආයතනය සමඟ අදහස් හුවමාරු කරමින් චීනය පිළිබඳ ප්‍රතිපත්ති සහ චීනය පිළිබඳ පර්යේෂණවල වැදගත්කම හඳුන්වා දීමට Chegnizadeh මහතා කටයුතු කරමින් සිටිනවා. චීන ඉරාන සබඳතාවට යහපත් අනාගතයක් ඇති බවත් දෙරට සහයෝගතා ශක්තිමත් කිරීම මැද පෙරදිග කලාපයටත් මුළු ලෝකයටත් ඉවහල් වන බවත් හෙතෙම සඳහන් කරනවා.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන