ජෛව පරිපාලනයෙන් සුරක්ෂිත කෙරුණ චින්හැයි වැව
2019-10-21 10:49:07
Share with:

චීනයේ විශාලතම මහාද්වීපික ගොඩබිමේ කරදිය වැවක් වන චින්හැයි වැව පිහිටා තිබෙන්නේ වයඹදිග චීනයේ චින්හැයි පළාතේ. මෑත වසර කිහිපය තුළ එහි ජෛව පරිපාලන ව්‍යපෘති වල කැපීපෙනෙන ජයග්‍රහණ ලබා ගෙන තිබෙනවා. එහි ජල මට්ටම අඛණ්ඩව ඉහළ යාමෙන් වැව් ප්‍රදේශය වර්ග කිලෝමීටර් 450ක් දක්වා වැඩි වීතිබෙනවා. චින්හැයි වැව ජලචර පක්ෂීන්ගේ වැදගත් වාසස්ථානයක් බවට පත් වූණා. එමෙන්ම, එය ලෝකයේ පක්ෂීන් සඳහා ඉතා වැදගත් අභිජනන ස්ථානයක් ලෙස සැලකෙනවා. 2018 වසරේ එහි පක්ෂීන් වර්ග 51ක් නිරීක්ෂණය කෙරුණා. එම වසරේ ජලචර පක්ෂීන් ලක්ෂ 2.51ක් නිරීක්ෂණය කරනු ලැබූ බව චින්හැයි වැව සුරැකුම් කලාපයේ පරිපාලන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. දැනට මෑත ආසියාවේ හා නැගෙනහිර ආසියාවේ ජලචර පක්ෂීන් සංක්‍රමණය කිරීමේ මාර්ග දෙක එකතු වීමේ ස්ථානය බවට චින්හැයි වැව පත් වී තිබෙනවා. 

චින්හැයි වැවේ ජෛව පද්ධතිය ජලය, පක්ෂීන් හා මත්ස්‍ය යන ප්‍රධාන කොටස් තුනකින් සමන්විතයි. ඒ තුළ ඉතා වැදගත් කොටසක් වන්නේ මත්ස්‍යයින්. 2000 වසරෙන් පසු එහි විශේෂ මාළු වර්ගයක් වන කාපයා අල්ලා ගැනීම සම්පූර්ණයෙන් තහනම් කෙරුණා. පරිපාලන නීතිය සහ අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීමේ ඒකාබද්ධ ක්‍රියාදාමයක් චින්හැයි වැවේ ධීවර කටයුතු පරිපාලන මධ්‍යස්ථානය විසින් චීනයේ ප්‍රථම වරට ස්ථාපිත කෙරුණා. ධීවර කටයුතු පරිපාලන මධ්‍යස්ථානය සහ පොලීසිය එකම කාර්යාලයේ වැඩ කරමින් එහි ධීවර සම්පත් සුරක්ෂිතතාව වඩා වැඩියෙන් ශක්තිමත් කළා. අදාළ නීති විරෝධී ධීවර කටයුතු දැඩි ලෙස පරීක්ෂා කරමින් එහි නීති විරෝධී මාළු අල්ලා ගැනීම් ඉතා ඵලදායිකව තහනම් කර තිබෙනවා.


Jiajia /Sheng

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන