ජාත්‍යන්තර උයන්වතු ප්‍රදර්ශන භූමිය සංචාරක ගමනාන්තයක් බවට පත් කෙරේ
2019-10-21 10:55:59
Share with:

2019 බෙයිජිං ජාත්‍යන්තර උයන්වතු ප්‍රදර්ශනය පසුගිය 9 වැනිදා අවසන් වූණා. මෙවර ප්‍රදර්ශනය පැවැත්වූභූමියේ ප්‍රමාණය හෙක්ටයාර් 503ක්. ප්‍රදර්ශනය අවසන් වීමෙන් පසු එම විශාල භූමිය යළි ප්‍රයෝජනයට ගැනීම පිළිබඳව සමාජයේ විවිධ ක්ෂේත්‍රවල අවධානයට ලක් වූණා.

මේ සම්බන්ධයෙන්,පසුගිය දා බෙයිජිං ජාත්‍යන්තර උයන්වතු ප්‍රදර්ශනයේ පාලන දෙපාර්තමේන්තුව මාධ්‍යවේදීන්ට දැනුවත් කළා. එම භූමිය ජෛව ශිෂ්ටාචාර ආදර්ශනය ඇතුළු කාර්යභාර හතරක් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. එම භුමිය මගින් ජාත්‍යන්තර සහයෝගතා ශක්තිමත් කරමින් හරිත සංවර්ධන හා ජෛව ශිෂ්ටාචාර ජයග්‍රහණ පුරවැසියන්ට හා සංචාරකයන්ට භුක්ති විඳිය හැකි බවට අපේක්ෂා කෙරෙනවා.

එම භූමිය තුළ කඳුකර,ජල,වනාන්තර,ගොවිබිම් සහ වැව් ඇතුළු විවිධ ජෛව පරිසර සාධකයන් සම්පූර්ණයෙන් සකස් කර තිබෙනවා . එහි ජෛව පරිසර තත්ත්වය ඉතා යහපත් වන බව බෙයිජිං ජාත්‍යන්තර උයන්වතු ප්‍රදර්ශනයේ පාලන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Zhou Jianping මහතා ප්‍රකාශ කළා. ඉදිරියේදී ජෛව ශිෂ්ටාචාර ආදර්ශනය පදනම් කරන එම භූමිය මගින් විවිධ ශාඛ සම්බන්ධ දැනුම ප්‍රචාරය කර, කෘෂිකාර්මික හා චීන සාම්ප්‍රදායික ඖෂධ සංස්කෘතිය කෙරෙහි ජනතාවට වැඩි අවබෝධයක් ලබා දෙන්න පුළුවන්.

එමෙන්ම ඉදිරියේදී එම භූමිය ජෛව සහ විනෝද සංචාරක ගමනාන්තයක් බවට පත් වනු ඇතැයි Zhou Jianping මහතා ප්‍රකාශ කළා. දැනට එහි සංචාරය සඳහා අවශ්‍ය සියළු පහසුකම් තිබෙනවා. එම භූමිය වැදගත් සංචාරක ගමනාන්තයක් බවට පත්කිරීම සඳහා එහි ඉතා පොහොසත් දර්ශනීය සම්පත් ප්‍රයෝජනයට ගනිමින් විවිධ සංචාරක වැඩසටහන් පවත්වනු ඇති බව හෙතෙම පැවසුවා.

බෙයිජිං නගරයේ යන්චින් දිස්ත්‍රික්කය 2022 වසරේ ශීත සෘතු ඔලිම්පික් උළෙලේ තරඟ පැවැත්වීමේ ස්ථානයක් වශයෙන් නියම කර තිබෙනවා. යන්චින් දිස්ත්‍රික්කයේ පිහිටි බෙයිජිං ජාත්‍යන්තර උයන්වතු ප්‍රදර්ශන භූමිය ප්‍රයෝජනයට ගනිමින් ඉදිරියේදීඅදාළ තරඟවලට සේවා සැපයීමේ කටයුතු ක්‍රියාත්මක කෙරෙනවා.

ජාත්‍යන්තර උයන්වතු ප්‍රදර්ශන භූමිය සංචාරක ගමනාන්තයක් බවට පත් කෙරේ

ජාත්‍යන්තර උයන්වතු ප්‍රදර්ශන භූමිය සංචාරක ගමනාන්තයක් බවට පත් කෙරේ

ජාත්‍යන්තර උයන්වතු ප්‍රදර්ශන භූමිය සංචාරක ගමනාන්තයක් බවට පත් කෙරේ

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන