චීන සමාජවාදී නවීකරණ සංවර්ධනයේ ශ්‍රේෂ්ඨ ඓතිහාසික හැරවුම් ලක්ෂය
2019-10-16 14:49:58
Share with:

චීන සමාජවාදී නවීකරණ සංවර්ධනයේ ශ්‍රේෂ්ඨ ඓතිහාසික හැරවුම් ලක්ෂය

1978 වසර චීන මහජන සමූහාණ්ඩු ඉතිහාසයේ අසාමාන්‍ය වසරක්. එම වසරේ චීන කොමියුනිස්ට් පක්ෂයේ 11වැනි මධ්‍යම කාරක සභාවේ 3වැනි පූර්ණ සැසිවාරය පැවැත්වුනා. එම සැසිවාරයෙන් සැසිවරාය චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමෙන් පසු චීන කොමියුනිස්ට් පක්ෂයේ සහ රටේ ඉතිහාසයේ විශාල සන්ධිස්ථානයක් ලෙස සැලකෙනවා.

එම වසරේ චීනය පුරා සත්‍යයේ ප්‍රමිතිය පිළිබඳව විශාල වශයෙන් සාකච්ඡා පැවැත්වුනා. එම සාකච්ඡාව චීන ජනතාවගේ චින්තනය බෙහෙවින් ප්‍රවර්ධනය කර ඇති අතර ඓතිහාසික හැරවුම් සඳහා චින්තනික පදනමක් සකස් කර තිබුනා.

1978 වසරේ නොවැම්බර් මස 10වැනිදා සිට දෙසැම්බර් මස 15වැනිදා දක්වා පැවැත්වූ මධ්‍යම කාරක සභාවේ කාර්ය සමුළුව, චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රටේ ඓතිහාසික හැරවුම් සාක්ෂාත් කිරීමට ප්‍රමාණවත් ලෙස පූර්ණ සූදානමක් ලබා දුන්නා.

එම වසරේ දෙසැම්බර් මස 18වැනිදා සිට 22වැනිදා දක්වා චීන කොමියුනිස්ට් පක්ෂයේ 11වැනි මධ්‍යම කාරක සභාවේ 3වැනි පූර්ණ සැසිවාරය පැවැත්වුනා. එම සමු‍ළුව චීන කොමියුනිස්ට් පක්ෂයේ මඟ පෙන්වීමේ මතවාදය, සමස්ත චීන කොමියුනිස්ට් පක්ෂයේ වැදගත් කාර්යයන්හි මාරුකිරීම, ආර්ථික කාර්යයන්, ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය, මහජන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සහ සමාජවාදී නීති පද්ධති ශක්තිමත් කිරීම යනාදී ප්‍රධාන කරුණු පිළිබඳව සාකච්ඡා කොට අදාළ ප්‍රශ්න විසඳා ගත්තා.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 11වැනි මධ්‍යම කාරක සභාවේ 3වැනි පූර්ණ සැසිවාරය, චීන කොමියුනිස්ට් පක්ෂය බරපතල පසුබෑමෙන් නැවත නැඟිටී චීන ජනතාව මෙහෙයවා සමාජවාදී නවීකරණයේ නව දිගු ගමනක් කරා ඉදිරියට යාමේ සංකේතයක්. ඉන් පසු චීනය ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය සහ සමාජවාදී නවීකරණ සංවර්ධනය ප්‍රධාන වශයෙන් සිදු කිරීමේ ඓතිහාසික නව යුගයට පිවිසී තියෙනවා.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන