චීන - ශ්‍රී ලංකා අධ්‍යාපන ක්ෂේත්‍රයට නව ප්‍රවේශයක්
2019-10-16 14:24:21
Share with:

චීන - ශ්‍රී ලංකා අධ්‍යාපන ක්ෂේත්‍රයට නව ප්‍රවේශයක්

කොළඹ විශ්ව විද්‍යාලය හා චීනයේ විශ්ව විද්‍යාල දෙකක් අතර අධ්‍යාපන සහයෝගතා වෙනුවෙන් අව‍බෝධතා ගිවිසුම්වලට එළඹීමට ශ්‍රී ලංකා අමාත්‍ය මණ්ඩල අනුමැතිය පසුගියදා හිමි වුනා.

ඒ අනුව චීනයේ චින්හුවා විශ්ව විද්‍යාලය හා හූ‍‍‍බෙයි විශ්ව විද්‍යාලය අතර එම අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැ‍බුණා. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ අධ්‍යාපනික සහයෝගතාව වර්ධනය කිරීමේ අරමුණෙන් මෙම ගිවිසුම් වලට එළඹීම සිදු කෙරුණා.

ඊට පෙර කොළඹ විශ්ව විද්‍යාලය ගුවන් සී විශ්ව විද්‍යාලය ඇතුළු චීන විශ්ව විද්‍යාල රැසක් සමඟ සහයෝගතා ගිවිසුම්වලට අත්සන් තැබුවා. කොළඹ විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකාවේ ප්‍රකට විශ්ව විද්‍යාලයක්. එවගේම චින්හුවා විශ්ව විද්‍යාලය චීනයේ ඉහළම මට්ටමේ විශ්ව විද්‍යාලයක් වන අතර හූබෙයි විශ්ව විද්‍යාලය චීනයේ ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක්. මෙවර අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීම දෙරට අතර අධ්‍යාපන සහයෝගතා හා සංස්කෘතික හුවමාරු තවදුරටත් තහවුරු කිරීමට වැදගත් අර්ථයක් එක් කෙරෙනවා.

“එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් ඉදිරියට ගෙන යාමේ අදියරට පිවිස තිබෙනවා. ශ්‍රී ලංකාව විශේෂ භූගෝලීය පිහිටීම හේතුවෙන් මුහුදු සේද මාවතේ වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. චීනය හා ශ්‍රී ලංකාව විවිධ ක්ෂේත්‍රවල “එක් තීරයක් එක් මාවතක්”පොදු සංවර්ධනය පිළිබඳ සහයෝගතා පවත්වා තියෙනවා. ඉන් සක්‍රිය ප්‍රතිඵල රැසක් ලබා ගෙන තියෙනවා. ඒ සමඟම දෙරටේ අධ්‍යාපන සහයෝගතා හා හුවමාරු “එක් තීරයක් එක් මාවතක්”පොදු සංවර්ධනයට වැදගත් අනුබලයක් වෙනවා.

“එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ යටතේ චීනය හා ශ්‍රී ලංකාව අතර සම්බන්ධතා වඩා සමීප වනු ඇතැයි විශ්වාස කෙරෙනවා. අධ්‍යාපනය දෙරට අතර හුවමාරුවේ වැදගත් වේදිකාවක් වශයෙන් දෙරටේ ජනතාවගේ හදවත් බැදීමට පාලමක් ගොඩනගා දෙරටේ ප්‍රතිපත්තිමය සම්බන්ධතා, වෙළඳ පහසුවීම හා මුදල් සැපයුමට අනුබල ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන