ලෝක ඉතිහාසයට එක් වන බෙයිජිං ජාත්‍යන්තර උයන්වතු ප්‍රදර්ශනය
2019-10-14 09:32:18
Share with:

2019 බෙයිජිං ජාත්‍යන්තර උයන්වතු ප්‍රදර්ශනය පසුගිය අප්‍රේල් මාසයේ 28වැනි දින ආරම්භ වී පසුගිය 9වැනි දා නිමාවට පත් වුණා. දවස් 162ක කාලයක් පුරා පැවැත්වූ මෙම ප්‍රදර්ශනය වැඩමුළු 3300ක පමණ සංඛ්‍යාවක් පවත්වා තිබුණු අතර මිලියන 9කට වැඩි දෙස්-විදෙස් ප්‍රේක්ෂකයන් එය නැරඹීමට ආකර්ෂණය කළා.

මෙවර උයන්වතු ප්‍රදර්ශනය හෙක්ටාර 503කින් යුක්ත භූමියක පැතිර ගියා. එහිදී විවිධාකාර, විශේෂ ලක්ෂණයන්ගෙන් යුත් මණ්ඩප සියයක් පමණ ස්ථාපනය කර තිබුණා. ඒ වගේ ම, ශාඛ දෙලක්ෂ 30දහසක් එහි රෝපනය කර තිබුණා. දෙස්-විදෙස් උද්‍යාන අලංකරණ වර්ග 8000කට වැඩි සංඛ්‍යාවක්, ඒ වගේ ම, එළවළු, පළතුරු වෘක්ෂ, සාම්ප්‍රදායික ඖෂධ ඇතුළුව වර්ග 820ක් පමණ එහි ප්‍රදර්ශනය කෙරුණා. එමගින්, මානවයා හා පරිසරය සාමූහික ව ආශ්‍රය කිරීමේ සංකල්පය පෙන්නුම් කර තිබෙන බව නරඹන්නන්ගේ අදහස වී තිබුණා.

2019 බෙයිජිං ජාත්‍යන්තර උයන්වතු ප්‍රදර්ශනය මේ වන විට විශාලතම පරිමාණයක් සහිත මෙන්ම වැඩිම රටවල්වල සහභාගීත්වයෙන් යුක්ත උයන්වතු ප්‍රදර්ශනයක් ලෙස ජාත්‍යන්තර උයන්වතු ප්‍රදර්ශන ඉතිහාසයට එක් වී තිබෙනවා. ජෛව ශිෂ්ටාචාර සංකල්පය ප්‍රචලිත කරමින් පරිසර හිතකාමී සංවර්ධනය ඉදිරියට මෙහෙයවීමට මෙවර බෙයිජිං උයන්වතු ප්‍රදර්ශනයට හැකි වී තිබුණා. එමෙන්ම, එය ලෝක උයන්වතු ක්ෂේත්‍රවල අදහස් හුවමාරු හා සහයෝගතා ප්‍රවර්ධනය කර තිබෙන බවට ද විශ්වාස කෙරෙනවා.

මෙම ප්‍රදර්ශනය අවසන් වීමෙන් පසු ප්‍රදර්ශන පරිශ්‍රය ජෛව ශිෂ්ටාචාර සඳහා වන ආදර්ශ කඳවුරක් ලෙස ගොඩ නගන අතර සංචාරක ගමනාන්තයක් ලෙසට ද නිර්මාණය කරනු ලැබෙනවා. වසර 2022 බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල හා ශීත ඍතු පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට අවශ්‍ය සේවාවන් සඳහා යොදවා ගැනීමට ද අපේක්ෂිතයි.

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන