ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයේ අනාගතය
2019-10-10 14:44:00
Share with:

2019 සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂයක් ඉක්මවා ගිය බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දුන්නා. මේ අනුව 2019 වසරේ මුල් මාස 09 තුළ මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය මිලියන 1.37 කට වැඩි වී තිබෙනවා.

පසුගිය සැප්තැම්බර් මාසයේ දී වැඩිම සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙනa. ඉන් අනතුරුව චීනය දෙවැනි ස්ථානයේ සිටිනවා. පසුගිය මාසයේ දී මෙරටට පැමිණි චීන සංචාරකයින්ගේ ප්‍රමාණය 9,231ක් වාර්තා කර තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයේ අනාගතය

2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාර මාලවෙන් පසු සංචාරක කර්මාන්තය සෘජු ලෙස අවදානමකට ලක් වූ බව සැබෑ සාධකයක්. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පහළ යාම ක්‍රමිකව යථා තත්ත්වයට පැමිණෙමින් පවතින අතර පාස්කු ප්‍රහාරයෙන් පසු ගතවූ මාස 5 තුළ වාර්තා වූ අඩුම ප්‍රතිශතාත්මක පහළ යාම සැප්තැම්බර් මාසයේ දී වාර්තා වී තිබුණා. සංචාරක පැමිණීම පහළ යාම ජූනි මාසයේ දී 57%ක්, ජූලි මාසයේ දී 49.6%ක්, අගෝස්තු මාසයේ දී 28.3% ක් සහ සැප්තැම්බර් මාසයේ දී 27.2%ක් වශයෙන් වාර්තා වුණා.

ජාත්‍යන්තර ත්‍රස්ත විරෝධි අවදානම මෙන්ම 2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාර මාලාවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට සිදු ව ඇති අයහපත් බලපෑම කෙටි කාලයකින් වෙනස් කළ නොහැකි බව සඳහන් කෙරෙනවා. සංචාරක කර්මාන්තයට අලුත් ජවයක් එන්නත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ප්‍රතිපත්ති මාලාවක් ක්‍රියාත්මක කර තිබෙනවා. අලංකාර මෙන්ම සුරක්ෂිතභාවය පිළිබඳ ජාත්‍යන්තර විශ්වාසය හිමි ශ්‍රී ලංකාව යන ස්වරූපය නැවත බිහි කිරීමට අංගසම්පූර්ණ වැඩසටහනක් අත්‍යවශ්‍ය වෙනවා. දේශපාලන තරඟයෙන් තොරව රටේ සංවර්ධනය මුළු ශක්තියෙන් මෙහෙය වන දේශපාලන පරිසරයක් ද අත්‍යඅවශ්‍ය බව විශ්‍ලේෂකයන් පෙන්වා දෙනවා.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන