සැබෑ චීනය අවබෝධ කර ගැනීම යුක්රේන මාධ්‍යවේදිනියකගේ බලාපොරොත්තුවක්
2019-10-10 15:12:38
Share with:

සැබෑ චීනය අවබෝධ කර ගැනීම යුක්රේන මාධ්‍යවේදිනියකගේ බලාපොරොත්තුවක්

නියම චීන භාෂාවෙන් කථා කරන Olena, යුක්රේන ජාතිකයෙක්. ඇය Dubai හි පිහිටි චන්ද්‍රිකා රූපවාහිනී සේවයක මාධ්‍යවේදිනියක්, නිවේදිකාවක් ලෙසට වැඩ කරනවා. අවුරුදු 6 සිට ම ඇය චීන භාෂාව ඉගෙන ගන්න පටන් ගත්තේ සීයාගේ ඉල්ලීමක් නිසයි. වසර 1989යේ සීයා චීනයේ නිරීක්ෂණ චාරිකාවකට පැමිණියා. ඉන් අනතුරුව ඇමරිකාව, ජපානය සහ යුරෝපා රටවල සංචාරය කර තිබුණත්, සීයා, Olenaගේ දෙමව්පියන්ට කියලා තියෙන්නේ, ඔබලාගේ දරුවන් අනිවාර්යයෙන් ම චීන භාෂාව ඉගෙන ගන්න ඕන බවයි. 28 හැවිරිදි Olena දැන් චීනයේ වැඩ කරන්නේ ඉතා සතුටින් බව කියනවා.

චීනයේ මාධ්‍යවේදිනියක් විදිහට වැඩ කිරීමේදී බොහෝ ප්‍රදේශ වලට ගිහින් නිරීක්ෂණය කරන්න Olenaට අවස්ථා ලැබෙනවා. නොකඩවාම අධ්‍යනයන්ගෙන් ප්‍රගතිය අත් කර ගැනීම ඉතා වැදගත් බව ඇය කියනවා. Olena සඳහන් කරන්නේ චීනයේ සංවර්ධන පරිවර්තනය විශේෂයෙන් ම තම සිතට කා වදින බවයි. චීනය ජවයෙන් පොහොසත් රටක්. එය බොහෝ විදේශිකයන්ට ආකර්ෂණීයයි. සෑම වසරක ම චීනයේ වර්ධනයක් උදා වෙනවා. අනාගතය ගැන පැවසීමේදී දිගටම මාධ්‍යවේදිනියක් ලෙසට චීනයේ රැඳී සිටීමට තමා කැමති බව Olenaට සැකයක් නැහැ. චීනය පිළිබඳ විවිධාකාර වැඩසටහන් වි‍ශේෂයෙන් ම සංස්කෘතික වැඩසටහන් නිර්මාණය කිරීමට Olena කැමතියි. විදේශිකයන්ට වැඩි වශයෙන් චීනය පිළිබඳ හඳුන්වා දීම අපේක්ෂාවක් බව ඇය කියනවා. විදේශිකයන් චීනය පිළිබඳ අවබෝධය තවමත් මදි බව හිතන ඇය, චීන සංස්කෘතිය ප්‍රචාරය කිරීමට දායක වීම සඳහා කැමැත්තෙන් පසුවෙනවා.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන