චීනය, අප්‍රිකාවේ ඩිජිටල් යුගය ඉදිරියට ගෙන යාමේ ප්‍රධාන කොටස්කරු
2019-10-10 15:22:00
Share with:

අප්‍රිකාව ගෝලීය ඩිජි‍ටල් යුගයට පිවිසීමේ අවසන් ප්‍රදේශයක් ලෙසයි සැලකෙන්නේ. වර්තමානයේ ජංගම අන්තර් ජාලය නිසා අප්‍රිකානු ජනතාවගේ ජීවිතය වෙනස් වෙමින් පවතිනවා. අප්‍රිකාවේ ඩිජිටල් යුගය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට චීන ව්‍යවසායන් උත්සාහය ලබා දීතිබෙනවා.

Yin Qingri මහතා රුවන්ඩා රාජ්‍යයේ එතෙර චීන ජාතිකයින්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරනවා. ඔහුගේ සමාගම මගින් ලෝකයේ පළමුවැනි රුවන්ඩා භාෂා ජංගම දුරකථනය නිෂ්පාදන කෙරුණා. ඔහු රුවන්ඩා රාජ්‍යයට ගිය පසු දැනගෙන හිටියා එහි බොහෝ ජනතාවට ඉංග්‍රීසි භාෂාවයි ප්‍රංශ භාෂාවයි නොතේරෙන බව. ඔවුන් කතා කරන්නේ රුවන්ඩා භාෂාව පමණයි. එහෙත් ඒ කාලයේ ජංගම දුරකථන යන්ත්‍ර වල භාවිත කිරීමේ පද්ධතියට ඉංග්‍රීසි හා ප්‍රංශ භාෂා දෙකක් පමණයි ඇතුළත් කෙරුණේ.

2007 වසරේ ලෝකයේ පළමුවැනි රුවන්ඩා භාෂා ජංගම දුරකථනය නිල වශයෙන් වෙළඳපොළට යොමු කෙරුණා. එම දුරකථනය රුවන්ඩා ජනාධිපතිවරයාගේ ඉහළ ප්‍රශංසාවට ලක්වූණා. එමෙන්ම,එම නිෂ්පාදිතය වෙළඳපොළේ හොඳින් අලෙවි වුණා. දැනට ජංගම දුරකථනය සාමාන්‍යඅප්‍රිකානු ජනතාවගේ ජීවිතයට පිවිස තිබෙනවා. ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳපොළක් බවට අප්‍රිකාව පත් වූණා. ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳපොළේ ප්‍රධාන කොටසක් චීන නිෂ්පාදිත අත්පත් කර ගෙන තිබෙනවා. ඒ අතරින් ඉතා ප්‍රසිද්ධ සන්නාමය වන්නේ TECNO. විදේශ රටවල් කේන්ද්‍ර කරගනිමින් චීනයේ TRANSSION සමාගමට අයත් එම සන්නාමය අප්‍රිකාවේ ජනප්‍රියතම ස්මාර්ට් ජංගම දුරකථනය බවට පත් වූණා.

TRANSSION සමාගම අප්‍රිකාවේ වෙළඳපොළට පිවිසෙන්නේ 2008 වසරේදී. අප්‍රිකානු ජනතාවගේ අවශ්‍යතාවට අනුව TRANSSION සමාගම විශේෂ ස්මාර්ට් ජංගම දුරකථනය නිර්මණය කළා. කළු සමට ඡායාරූප ගැනීම සඳහා සුදුසු කැමරාව, ස්වදේශීය භාෂා පද්ධතිය, ශක්තිමත් බැටරිය යන සුවිශේෂ ලක්ෂණයන් TECNO ස්මාර්ට් ජංගම දුරකථනයට ඇතුළත් කෙරුණා. පසුගිය වසරේ TECNO ස්මාර්ට් ජංගම දුරකථන අලෙවිය මිලියන 124ක්. එය අප්‍රිකාවේ වෙළඳපොළෙහි පළමු ස්ථානයක පැවතුණා. එමෙන්ම හුආවේ, Xiaomi හා OPPO යන චීන සන්නාම කිහිපයක් අප්‍රිකාවේ ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳපොළේ විශාල කොටසක් අත්පත් කර ගත්තා. චීනය අප්‍රිකාවේ විශාලතම ස්මාර්ට් ජංගම දුරකථන ආනයන රටක් බවට පත් වී තිබෙනවා.


Jia/Shi

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන