ඊශ්‍රායල ජාතික වෛද්‍යවරයෙකුගේ දෑසින් දකින චීනය
2019-10-10 15:59:12
Share with:

Moris Topaz, ඊශ්‍රායල ජාතික වෛද්‍යවරයෙක්. චීනයේ වෛද්‍ය ශාස්ත්‍රීය ක්ෂේත්‍රවලට අදාළ හුවමාරු අවස්ථා කිහිපයක් ලැබූ ඔහු චීනයේ බොහෝ ස්ථානවලට පැමිණ තිබෙනවා. වසර 2008 චීනයේ ස් චුවාන් පළාතේ සිදු වූ ප්‍රබල භූ කම්පාවෙන් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර ලබා දුන් ඔහු චීන රජයේ මිත්‍රත්ව සම්මානය ලබා ගත්තා. චීනයේ සංචාරය කළ අත්දැකීම් තුළින් ඔහු මෙහි සිදු වූ විපර්යාසය ගැන විස්මයට පත් වුණා

 ‘චීනයේ වෙනස්කම් ගණනාවක් සිදු වුණා මම දැක්කා. හැම වරක්ම මම චීනයට පැමිණි අවස්ථාවක මට ඒ ගැන වෙනස දැනෙනවා. උදාහරණ වශයෙන් , චීනයේ අධිවේගී දුම්රිය සේවය ලෝකයේ දියුණුම මට්ටමක පවතිනවා. එකම නගරයකට මාස කිහිපයකට පස්සේ යළිත් වරක් ගියොත් නව ගොඩනැගිලි, නව මාවත් දකින්න පුළුවන්. අනිත් එක ඡංගම දුරකථනයෙන් ගෙවීම චීනය පුරා දැන් හරිම ජනප්‍රියයි. ඒක හරිම දියුණුයි. ’

 

ඊශ්‍රායල ජාතික වෛද්‍යවරයෙකුගේ දෑසින් දකින චීනය

චීනය ඉහල කාර්යක්ෂමතාවකින් රට සංවර්ධනය කරමින් ජනතාවට සුවපහසු ජීවිතයක් හඳුන්වා ලබා දීමට මූලිකම සාධකය වන්නේ චීනයේ ක්‍රියාත්මක සමාජවාදී ක්‍රමය බව Moris Topaz මහතා අදහස් කරනවා.

‘චීන රජය පස්අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරනවා. ඒත් සාමාන්‍යයෙන් එවැනි සැලැස්මක ඉලක්කය ඉටු කරන්නේ අවුරුදු 3කින් පමණයි. දිගු කාලීන සංවර්ධන සැලැසුම් ක්‍රියාත්මක කරමින් චීනය ඉතා වේගයෙන් වර්ධනය වෙමින් පවතිනවා. වෙනත් රටවල නම් රජය නිතරම සංවර්ධන සැළැස්ම වෙනස් කරනවා. පවතින රජය පැවතුණු රජයන්ගේ ප්‍රතිපත්තීන් අනුගමනය කරන්නේ නෑ. ඒත් චීනයේ ප්‍රතිපත්තිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන්න ලැබුණා. චීනයට බටහිර ලෝකයේ නැති සමාජවාදී ක්‍රමය හිමි වෙනවා. මේ ක්‍රමය රටටත් ජනතාවටත් ඉතාමත් වාසියි.’

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන