චීන මිත්‍ර සම්මානයෙන් පුද ලද තායිලන්ත කුමරිය
2019-10-10 15:49:44
Share with:

චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 70 වන සංවත්සරය නිමිත්තෙන් ජාතික ගෞරව සම්මාන පිරිනැමීමේ උළෙලක් බෙයිජිංහි මහජන මහ ශාලාවේදී පැවැත්වුණා. එහිදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ අතින් විදේශීය මිත්‍රයන් 6 දෙනෙකුට මිත්‍රත්ව පදක්කම් පිරිනැමුණා. ඒ අතර සුවිශේෂ කාන්තාවක් සිටිනවා. ඇය තමයි තායිලන්තයේ කුමාරිකාවක් වන Maha Chakri Sirindhorn මෙනවිය.  

චීන මිත්‍ර සම්මානයෙන් පුද ලද තායිලන්ත කුමරිය

‘මේ සම්මානය ලැබුණ එක ගැන මට ආඩම්බරයි. මෙය චීනයේත් චීන ජනතාවගේත් අපි සමග ඇති මිත්‍රත්වයෙන් පිරී තිබෙන සම්මානයක්. අපි චීනයට ආසයි. තායිලන්ත ජනතාව චීන ජාතිකයන් සමග මිත්‍ර වෙන්නත් කැමතියි.’ තායින්ත කුමරිය Maha Chakri Sirindhorn මෙනවිය පවසනවා.

වසර 70කට පෙර චීන මහජන සමූහාණ්ඩුවේ පිහිටුවීම ලෝක ඉතිහාසයේ සංධිස්ථානයක් සේ වැදගත් සිදුවීමක් බව ද ඇය පැවසුවා. අද ආර්ථික බලවතෙක් වන චීනය ප්‍රතිසංස්කරණ සංවර්ධනය හා නවීකරණය පිළිබඳ ආලෝකවත් පහන් කණුවක් වගේ ලෝ වැසියන් ඉදිරියේ සිටිනවා. චීන සමාජයේ අංගසම්පූර්ණ වෙනස මෙන්ම චීන ජනතාව දුෂ්කරතා මග හැර ඉදිරියට ගමන් කර ශ්‍රේෂ්ඨ ජයග්‍රහණ දිනා ගැනීම, ගෙවී ගිය වසර 70වේ ඉතිහාසයෙන් දක්නට ලැබණු බව ද තායිලන්ත Maha Chakri Sirindhorn කුමරිය ප්‍රකාශ කළා.

කුමාරිකාවගේ ප්‍රථම චීන සංචාරය සිදු වුණේ 1981 වසරේ. මෙවර බෙයිජිං නගරයට පැමි‍ණ ඇත්තේ චීනයේ සිදු කරන 49 වැනි සංචාරය වශයෙන්. චීනයේ බොහෝ ස්ථානවල සංචාරය කළ ඇයට මෙරට පිළිබඳ පූර්ණ ගැඹුරු අවබෝධයක් සතුයි. චීන සාම්ප්‍රදායික සංස්කෘතිය ප්‍රචලිත කරමින් තායිලන්ත චීන මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා ඇය විශිෂ්ඨ දායකත්වයක් දක්වා තිබෙනවා.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන