ෂීආන් නගරයේ විමුක්ති මාර්ගයේ පිහිටි ෂින්හුවා පොත්හල
2019-10-09 19:28:55
Share with:

ෂීආන් නගරයේ විමුක්ති නම් මාර්ගයක් තියෙනවා. එම මාර්ගයේ සමස්ත දුර මීටර් 1833ක්. එම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ප්‍රථම වරට ආරම්භ කෙරුණේ 1928 වසරේදී. ඉන් පසු එම මාර්ගයේ නම කිහිප වතාවත් වෙනස් වූණා. 1949 වසරේ ෂීආන් නගරයට නිදහස ලැබීම නිසා එය විමුක්ති මාර්ගය ලෙස නම් කෙරුණා. දැනට එම මාර්ගය ෂීආන් නගරයේ වාණිජ කටයුතු සංවර්ධනයේ දියුණුම හා සමෘද්ධිමත්ම මාර්ග වලින් එකක්. එහෙත් එම වාණිජ මාර්ගයේ පිහිටි ෂින්හුවා පොත්හල එහි ආලංකාර සංස්කෘතික දර්ශනයක් ලෙස සැලකෙනවා.

චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ ආරම්භක කාලයේ ෂින්හුවා පොත්හල ඉදි‍ කෙරුණා. චීන විවෘතභාවය හා ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙන් පසු සමාජයේ අණ්ඩ සංවර්ධනය සමඟම පොත්පත් කෙරෙහි ජනතාවගේ අවශ්‍යතාව වැඩි වී තිබෙනවා. ඒ නිසා පසුගිය 1992 වසරේ ෂින්හුවා පෙත්හල ප්‍රතිසංස්කරණය ආරම්භ වූණා කළා. 2000 වසරේ එම පොත්හල නිල වශයෙන් යළි ජනතාවට විවෘත කෙරුණා. වයඹදිග චීනයේ විශාලතම පොත්හල බවට විමුක්ති මාර්ගයේ ෂින්හුවා පොත්හල පත් වූණා. එහි පොත් අලෙවි කිරීමේ කටයුතු ඉතා සාර්ථකයි.

ෂින්හුවා පොත්හලේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් Yang Yong මහතා එම පොත්හල සංවර්ධනයේ සාක්ෂිකරුවෙක්. මේ පොත්හල විවෘත කිරීමේදීහොඳ ආර්ථික ලාභයක් ලබා ගත් බව Yang Yong මහතා පැවසුවා. 1993 වසරේ පොත්පත් අලෙවි කිරීමෙන් ලැබූආදායම චීන යුඅන් මිලියන 60ක්. ඉන් පසු ආදායම් මිලියන සියයකට වැඩි වූණා. සමස්ත චීනයේ පොත්හල අලෙවි කිරීමේ තත්ත්වය බැලුවාම එය ඉතා ම හොඳයි කියලා හෙතෙම සඳහන් කළා.

තාක්ෂණ දියුණුව සහ සමාජ සංවර්ධනය සමඟම විවිධ ආකාරයේ මාධ්‍ය,වේදිකා හා ඉලෙක්ට්‍රොනික ප්‍රකාශන නිෂ්පාදිතයන් වේගවත්ව වර්ධනය වෙමින් පවතිනවා. එය සාමාන්‍ය පොත්පත් අලෙවි කිරීමට බලපෑම් එල්ල කළා. බොහෝ පොත්හල් ආර්ථික ලාභය සලකා පොත්හල ව්‍යාපාර ක්‍රමයන් වෙනස් කරමින් සංස්කෘතික නිර්මාණ නිෂ්පාදිත හා ඉලෙක්ට්‍රොනික නිෂ්පාදිත විශාල ප්‍රමාණයක් අලෙවි කරනවා. එහෙත් විමුක්ති මාර්ගයේ ෂින්හුආ පොත්හල පොත්පත් අලෙවි කිරීමේ කටයුතු දිගටම පවත්වා යනවා. මේ ගැන Yang Yong මහතා අදහස් පළ කළා. ඔහු ප්‍රකාශ කළේ බොහෝ පොත්හල් වෙනස් වූබවයි. එහෙත් පොත්පත් කේන්ද්‍ර කර ගැනීමට ෂින්හුආ පොත්හල තීරණය කළා. කියවන්නන්ගේ පොත් කියවීමේ අවශ්‍යතා මනා ලෙස සපුරාලීම සිය කණ්ඩායමේ සේවා අරමුණ බව ඔහු ප්‍රකාශ කළා. ආර්ථික ලාභය විතරක් නෙවෙයි සාමාජීය බලපෑම ගැනත් සැලකිය යුතු යි. ඒ නිසා පොත් අලෙවි කිරීමේ කටයුතු ස්ථිර ලෙස ක්‍රියාත්මක කරනවා. පසුගිය වසර කිහිපය තුළ ෂිආන් නගරයේ පොත් අලෙවි කිරීමේ ක්ෂේත්‍රයේ එම පොත්හල පළමු ස්ථානයේ පවතී. එම පොත්හල ෂිඅන් නගරයේ ලස්සන දර්ශනයක් බවට පත් වී තිබෙන බව Yang Yong මහතා පැවසුවා.

ෂීආන් නගරයේ විමුක්ති මාර්ගයේ පිහිටි ෂින්හුවා පොත්හල

ෂීආන් නගරයේ විමුක්ති මාර්ගයේ පිහිටි ෂින්හුවා පොත්හල

ෂීආන් නගරයේ විමුක්ති මාර්ගයේ පිහිටි ෂින්හුවා පොත්හල

ෂීආන් නගරයේ විමුක්ති මාර්ගයේ පිහිටි ෂින්හුවා පොත්හල

ෂීආන් නගරයේ විමුක්ති මාර්ගයේ පිහිටි ෂින්හුවා පොත්හල

ෂීආන් නගරයේ විමුක්ති මාර්ගයේ පිහිටි ෂින්හුවා පොත්හල

Jia/Sheng

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන