නව චීනයේ විශේෂ අභ්‍යාවකාශ ප්‍රගතිය
2019-10-08 10:00:01
Share with:

1949 වසර චීනයටත් චීන ජාතිකයන්ටත් සුවිශේෂී වසරක්. චීන මහජන සමූහාණ්ඩුව එම වසරේ ස්ථාපිත වූණා. එතැන් සිට නව චීනය නව ස්වරූපයෙන් ලෝක වේදිකාවේදී නැගී සිටිනවා. අද වන විට, නව චීනය දැවැන්ත ජයග්‍රහණයන් අත්කර ගෙන ලෝකයේ බලවතුන් ලෙසට පෙනී සිටිනවා. ඒ ජයග්‍රහණයන්ගෙන් අභ්‍යාවකාශ දියුණුව වැදගත් අංශයක්.

1970 වසරේ නව චීනයේ පළමු චන්ද්‍රිකාව සාර්ථකව කක්ෂ ගත කෙරුණා. එමගින් චීනයේ එවක ලෝකයේ ස්වයං නිෂ්පාදන රොකට්ටුවක් මගින් චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශයට යොමු කළ හැකි වූ පස් වැනි රට බවට චීනය පත් වුණා. Dongfanghong අංක එක ලෙසට නම් කළ එම චන්ද්‍රිකාව චීනයේ චන්ද්‍රිකා සංවර්ධනයේ ආරම්භය ලෙසට හැඳින්වෙනවා. එදා සිට චීනයේ චන්ද්‍රිකා සංවර්ධනය වේගයෙන් දියුණුවී තිබෙනවා. පළමු වැනි චන්ද්‍රිකාව කක්ෂ ගත කළ 1970 වසරේ සිට ගෙවී ගිය වසර 49 තුළ, චීනය විසින් නිෂ්පාදනය කරන ලද චන්ද්‍රිකා 200කට වැඩි සංඛ්‍යාවක් කක්ෂගත කර තිබෙනවා.

නව චීනයේ විශේෂ අභ්‍යාවකාශ ප්‍රගතිය

1999 වසරේ චීනයේ පළමු මිනිසුන් රහිත අභ්‍යාවකාශ යානය සාර්ථකව අභ්‍යාවකාශ ගමන් කිරීමෙන් පසු පෘථිවියට ආපසු ළඟා වුණා. shenzhou අංක එක නමැති එම මිනිසුන් රහිත අභ්‍යාවකාශ යානය පැය 21කින් අභ්‍යාවකාශ ගමන් කිරීම, චීනයේ මිනිසුන් සහිත අභ්‍යාවකාශ ගමන වෙනුවෙන් සාර්ථක අත්දැකීමක් වුණා. එය චීන අභ්‍යාවකාශ සංවර්ධන ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයක්. එතැන් සිට අත්හදා බැලීම් මාලාවක් ක්‍රියාත්මක කර මිනිසුන් සහිත අභ්‍යාවකාශ යානයක් කක්ෂ ගත කිරීමට වසර 2003නේදී චීනයට හැකි වුණා. ඇමරිකාව හා රුසියාව පමණක් නොව මිනිසුන් සහිත අභ්‍යාකාශ තාක්ෂණය අත්කර ගත් තවත් රටක් බවට චීනය පත් වී තිබෙනවා.

නව චීනයේ විශේෂ අභ්‍යාවකාශ ප්‍රගතිය


ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන