ලෝකයේ හොඳම කොන්ෆියුසියස් පන්තිය
2019-10-05 08:00:01
Share with:

කොන්ෆියුසියස් පන්ති කාමරය සහ කොන්ෆියුසියස් ආයතන දැනට ලෝකයේ විවිධ රටවල්වලස්ථාපිත කර තිබෙනවා. එහෙත් ඔබ දන්නවා ද ලෝකයේ ප්‍රථම කොන්ෆියුසියස් පන්ති කාමරය ස්ථාපිත කෙරුණේ කොයි රටේ ද කියලා? ඒ තමයි තායිලන්තය. තායිලන්තයේ චීන භාෂා අධ්‍යාපනය ගැන කතා කරන විට chaoprakhunsomdej මහතා විශේෂයෙන් මතක් කළ යුතු පුද්ගලයෙක්. දූරදර්ශ්‍රී අධ්‍යාපනඥයෙක් ලෙස ඔහු ගෙවී ගිය වසර 20ක කාලය තුළ චීන භාෂා අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණය කරමින් අඛණ්ඩ දායකත්වය ලබා දී තිබෙනවා.

චීන භාෂා අධ්‍යාපනය තායිලන්තයේ ප්‍රචාරණය කිරීම ඉතා වැදගත් බව වසර 20 කට පෙර chaoprakhunsomdej මහතා අවබෝධ කර ගෙන තිබෙනවා. 2003 වසරේ බැංකොක් නුවර Trimitwitthayalai විද්‍යාලයේදී ඔහු චීන භාෂා අධ්‍යාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කළා. ඉන් පසු ඔහු විසින් ආරම්භ කරන ලද චීන භාෂා නිපුණතා තරඟය දැනට 16 වතාවක් සාර්ථකව පවත්වාතිබෙනවා. එදා සිට මේ දක්වා එම තරඟයට සහභාගිවූවන් සංඛ්‍යාව 60000ක් ඉක්මවා තිබෙනවා. එම තරඟ විදේශ රටකදී පැවති විශාලතම රාජ්‍ය නොවන චීන භාෂා නිපුණතා තරඟයක් බවට පත්වූණා. ඔහුගේ උත්සාහය නිසා 2006 වසරේදීලෝකයේ ප්‍රථම කොන්ෆියුසියස් පන්ති කාමරය Trimitwitthayalai විද්‍යාලයේදී නිල වශයෙන් ස්ථාපිත කෙරුණා. එම පන්තිය තායිලන්තයේ විවිධ පාසල් සමඟ සහයෝගතා පවත්වා චීන භාෂා අධ්‍යාපන ජාලයක් සංවර්ධනය කරමින් පවතිනවා. තායිලන්තයේ චීන භාෂා අධ්‍යාපනය ජනප්‍රිය වී මුළු තායිලන්තයේම ප්‍රාථමික පාසල් වල හා මධ්‍යම පාසල් වල චීන භාෂා අධ්‍යාපනය ලබා ගත හැකි වූණා. Trimitwitthayalai විද්‍යාලයීය කොන්ෆියුසියස් පන්ති කාමරය චීනය හා විදේශ රටවල් අතර අධ්‍යාපන සහයෝගතාවේ ආදර්ශයක් ලෙස සැලකෙනවා. එය දෙවන වරටත් ලෝකයේ හොඳම කෝෆියුසියස් පන්තිය ලෙස නම් කෙරුණා.

2013 වසරේ චීන ජනාධිපති ෂී ජින් පීං මහතා එක් තීරයක් එක් මාවතක් පිළිබඳ වැඩපිළිවෙල ඉදිරිපත් කළා. එය ලෝක සාමයට හා අදාළ රටවල්වල පොදු සංවර්ධනයට ඉමහත් රුකුලක් බව chaoprakhunsomdej මහතා විශ්වාස කරනවා. 2015 වසරේ චීන -තායිලන්ත රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ 40 වන සංවත්සර යෙදී තිබූණා. එම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් ඔහුගේ පෙළඹවීම මත චීන ටියැන්ජිං ගුරු විශ්ව විද්‍යාලය සහ තායිලන්ත විශ්වවිද්‍යාල ඇතුළු අධ්‍යාපන ආයතන 26ක් එකතු වීලෝකයේ ප්‍රථම මුහුදු සේද මාවතේ කොන්ෆියුසියස් ආයතනය ආරම්භ කළා.

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල හා තායිලන්තයේ ජාතික සංවර්ධන උපාය මාර්ගය සම්බන්ධ වී චීන භාෂාව හා වෘත්තීය නිපුණතා පුහුණුව සංවර්ධන කිරීමට එම ආයතනයේ වැඩි අවධානය යොමු කෙරෙනවා. එම ආයතනය හරහා නවීකරණ තාක්ෂණ සහිත නිපුණතාවන් පුහුණු කිරීමට තායිලන්තයේ අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කළා. මාර්ග ප්‍රවාහනය,අජටාකාශ,රෝබෝව,නව බලශක්ති සම්පත්,නවීකරණ සංචාරය,වෛද්‍ය,භාණ්ඩ ප්‍රවාහනය යන කර්මාන්තවල වෘත්තීය නිපුණතා පුහුණු ඊට ඇතුළත් වුණා.

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ හරහා ජාත්‍යන්තර සහයෝගතා වර්ධනය වීමත් සමඟම තායිලන්තයට වඩා හොඳින් ලෝකය හා සබන්ධ වීමට චීන භාෂාව දායක කරගත හැකිය. ඒ සඳහා මුහුදු සේද මාවතේ කොන්ෆියුසියස් ආයතනයට වඩා වැඩි කාර්යභාරයක් ඉටු කළ හැකි බවට chaoprakhunsomdej මහතා විශ්වාසය පළ කළා.

ලෝකයේ හොඳම කොන්ෆියුසියස් පන්තිය

ලෝකයේ හොඳම කොන්ෆියුසියස් පන්තිය

ලෝකයේ හොඳම කොන්ෆියුසියස් පන්තිය


ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන