ගෙවි ගිය වසර 70 තුළ චීනය ලැබු ජයග්‍රහණ
2019-10-03 10:00:01
Share with:


ගෙවි ගිය වසර 70 තුළ චීනය ලැබු ජයග්‍රහණ


වසර 70 යනු මානව ඉතිහාසයේ කෙටි කාලයක් පමණයි. නමුත් ගෙවී ගිය වසර 70 තුළ චීනයේ සංවර්ධනය පුදුමාකාර විපර්යාස අත්කර ගෙන තිබෙනවා. සංඛ්‍යා ලේඛන අනුව, 2018 වසරේ චීන දළ දේශීය නිෂ්පාදිතය 1952 වසර හා සසඳන විට 174 ගුණයකින් වැඩි වුනා. දරිද්‍රතාවය හා දුර්වලතාවය සමුච්චය වීමේ සිට ලෝකයේ දෙවන විශාලතම ආර්ථික ඒකකය දක්වා “ චීන ආශ්චර්යය”ලොව පුරා අවධානය දිනාගෙන තියෙනවා.

වසර 70 ක් තුළ චීනයේ ආර්ථිකය ක්‍රමයෙන් වර්ධනය වී තිබෙනවා. 1952 වසරේදී චීනයේ දළ දේශීය නිෂ්පාදිතය යුවාන් බිලියන 67.9 ක් පමණයි. 2010 දී එය ජපානය අභිබවා වසර ගණනාවක් තිස්සේ ලෝකයේ දෙවන ස්ථානයේ පසු වී සිටිනවා. ගෙවී ගිය වසර තුන තුළ චීනයේ ආර්ථික සමස්ත වටිනාකම පිළිවෙළින් යුවාන් ට්‍රිලියන 70 ක්, යුවාන් ට්‍රිලියන 80 ක් සහ යුවාන් ට්‍රිලියන 90 ක් වී අඛණ්ඩව වර්ධනය වී ඇති අතර එහි පරිපූර්ණ ජාතික ශක්තිය දිනෙන් දිනම වැඩි වෙනවා.

වසර 70 ක් තුළ චීන විවෘතභාවය ක්‍රමයෙන් පුළුල් වී තියෙනවා. 1950 වසරේ දී චීනයේ විදේශ වෙළඳ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.13 ක් වුනා. 2018 වසරේ දී චීනයේ සමස්ත ආනයන හා අපනයන වටිනාකම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 4.6 දක්වා ළඟා වූ අතර එය 4,000 ගුණයකට වඩා වැඩි වීමක්. “සහල් අලෙවි කිරීමේ” සිට “අධිවේගී දුම්රිය අලෙවි කිරීම”දක්වා චීනය අධි ගුණාත්මක දියුණුවක් ද ලබා ගත්තා. චීනය ආකර්ෂණය කොට ඇති විදේශ ආයෝජන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.1 කට වැඩියි.

වර්තමානයේ චීනය ලෝකයේ විශාලතම කාර්මික රට, විශාලතම භාණ්ඩ වෙළඳ රට, විශාලතම විදේශ විනිමය සංචිතය සතු රට සහ දෙවන විශාලතම විදේශ ප්‍රාග්ධන ගලා එන රට බවට පත් වී තියෙනවා.

එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ සභාපති Tijjani Muhammad Bande මහතා පැවසුවේ, පසුගිය වසර 70 තුළ චීනය දිළිඳු රටක සිට ගෝලීය පාලනයට වැඩි වැඩියෙන් දායක වන රටක් දක්වා වර්ධනය වී ඇති බවයි. මෙය මානව සංවර්ධනයට විශාල දායකත්වයක්. සමස්ත චීන සමාජයම ප්‍රාණවත් ශක්තියෙන් පිරී ඇති අතර ගෙවී යන සෑම දිනකම එහි පෙනුම වෙනස් වන බව ඔහු පැවසුවා. චීනයට දීප්තිමත් අනාගතයක් ඇතැයි ඔහුගේ විශ්වාසයයි.



ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන